නව යුද්ධ හමුදාධිපති ආරක්ෂක ලේකම් හමුවේ

20th July 2017

නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (20) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී නව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මැතිතුමා හමුවිය.

මෙම සුහද හමුවේ දී ආරක්ෂක ලේකම්තුමා සහ යුද්ධ හමුදාධිපතිතුමා වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන ලදි.

මෙම හමුවීම අවසානයේ ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මැතිතුමා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

|