යුද්ධ හමුදාධිපති සියොල් නුවර දී ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශාන්තිකර කලාපීය අණදෙන නිලධාරි හමුවෙයි
20th September 2017
කොරියාවේ සියොල් නුවර දැන් පැවැත්වෙන ශාන්තිකර කලාපීය යුද්ධ හමුදා ප්‍රධානින්ගේ සිව්දින සම්මන්ත්‍රණය අතරතුර බදාදා (20) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් මාර්ක් ඒ. මිලෙයි (General Mark A. Milley) අතර සුහද හමුවක් පැවැත්විය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත සුභ පැතුම් එක්කල ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදා ප්‍රධානි අනතුරුව, අන්නෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සහ පසුගිය යුධ අත්දැකිම් පිළිබඳව සුහදව අදහස් හුවමාරු කරගත්හ.
ජෙනරාල් මාර්ක් ඒ. මිලෙයි (General Mark A. Milley) 2015 අගෝස්තු 14 වන දින ඇමරිකා එක්සත් ජනපද 39 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස වැඩ භාරගෙන තිබේ.
මේ අතර, දකුණු කොරියාවේ සියොල් නුවර දැන් පැවැත්වෙන සිව්දින ශාන්තිකර යුද්ධ හමුදා ප්‍රධානින්ගේ සම්මන්ත්‍රණය අතරතුර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හා ඇමරිකා එක්සත් ජනපදයේ ශාන්තිකර කලාපීය අණදෙන නිලධාරි ජෙනරාල් රොබට් බෲක්ස් බ්‍රවුන් (General Robert Brooks Brown) අතර සුහද හමුවක් පැවැත්විණ.
මෙම සුහද හමුවේ දී ද්වීපාර්ශීය සහ අන්නෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සහ පසුගිය යුධ අත්දැකිම් පිළිබඳවත් හමුදා ප්‍රධානින් දෙදෙනා අදහස් හුවමාරු කරගන්නා ලදි.
ජෙනරාල් රොබට් බෲක්ස් බ්‍රවුන් (General Robert Brooks Brown) 2016 අප්‍රේල් මස 30 වන දින ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදා ශෘන්තිකර කලාපීය අණදෙන නිලධාරියා ලෙස පත්වීම් ලැබිමෙන් අනතුරුව, නිල වශයෙන් තරු හතරේ ජෙනරාල්වරයකු වශයෙන් උසස්වීම් ලබා ඇත.
|