මුල් පුවත්
හදවත් රෝගවලින් පෙළෙන පුංචි ළමුන් රැක ගැනීම සඳහා යුද්ධ හමුදාව දායක වේ

හදවත් රෝගවලින් පෙළෙන දරුවන් සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Little Hearts’ – ‘බිළිඳු හදවත්’ අරමුදල සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියළුම හමුදා සාමාජිකයින්ගේ පරිත්‍යාගශීලීත්වය ලොවටම පෙන්වමින් රුපියල් මිලියන 70 ක මුදලක් අද (10) දින උදෑසන පරිත්‍යාග කරන ලදී.
බංගලාදේශ අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා සහභාගි වන රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් පස්දෙනෙකු යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් (SNCOs) අතර පවත්නා සෘජූ සේවා සම්බන්ධතාවයන්හි සුවිශේෂි ප්‍රගතියක් අත්කර ගැනීමේ අරමුණින් සෙනසුරාදා (05) දින සිට බංගලාදේශයේ දින පහක අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා සහභාගිවන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්.......
ඉස්ලාමීය අධ්‍යාත්මික සංවිධානයක් විසින් ත්‍රිවිධ හමුදා ආබාධිත රණවිරුවන්ට සහ සිවිල් වැසියන්ට රෝදපුටු පරිත්‍යාග කරයි

සියළුම ජනවර්ග අතර සහයෝගිතාව සංකේතවත් කරමින්, සමාජයේ අවධානය සහ සහාය අවශ්‍ය වන ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආබාධිත රණවිරුවන් මෙන්ම ආබාධිත සිවිල් වැසියන් වෙනුවෙන් රෝදපුටු 110 ක් ප්‍රදානය කිරීමේ උත්සවයක් සෙනසුරාදා (05) දින පැවැති අතර ඉස්ලාමීය ආගමික අධ්‍යාත්මික සංවර්ධන මධ්‍යස්ථානයේ එම්.සී.ඒ. හමීඩ් හාජියාර් ට්‍රස්ට් (M. C. A Hameed Hajiyar Trust) ආරාධනයකට අනුව එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
නවතමයෙන් ඉදිකල නිලධාරි නිවස්නය කමාන්ඩෝ රෙජිමේන්තුවට නව එළියක් එක් කරයි

ගණේමූල්ල ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ කලාත්මකව ඉදිකරන ලද නව නිලධාරි නිවස්නය විවෘත කිරීමේ උත්සවය සිකුරාදා (04) දින පැවැති අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 1 හි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් සිය මතකයන් ආවර්ජනය කරයි

මීට වසර 50 කට පෙර දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 1 සාර්ථකව හදාරා විසිරගිය ජ්‍යෙෂ්ඨ නිලධාරින් ලද අත්දැකීම් මෙන්ම අතීත මතකයන් ආවර්ජනය කිරීමේ විශේෂ සුහද හමුවක් බදාදා (25) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමගින් පැවැත්විණි.
රණවිරු සැමරුම් මාසය ඇරඹේ

රණවිරු සැමරුම් මාසය - 2018 ප්‍රකාශයට පත්කරමින් එහි පළමු රණවිරු සැමරුම් කොඩිය අලෙවි කිරිමේ උත්සවය බදාදා (2) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
2020 ඔලිම්පික් ඉලක්කය සපුරාගැනීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයා දිරීමත් කරයි

21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ දී ජයග්‍රහණය ලැබු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩක කෝප්‍රල් ඉෂාන් බණ්ඩාර බදාදා (02) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එහිදි ඔහුගේ අනාගත අභිප්‍රායන් මූදුන්පත් කරගැනීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවට යුද්ධ හමුදාධිපතිතුමන් සහතික විය.
යුද්ධ හමුදාවේ සහයෝගය ඇතිව ‘තිරසාර සංවර්ධනය’ පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ අධීක්‍ෂණය යටතේ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය, උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය, යුද්ධ හමුදා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ඉංජිනේරු සේවා බලකාය සහ අනෙකුත් සහායක අංශයන්හි භට පිරිස් එක්ව ‘පරිසර හිතකාමී තිරසාර සංවර්ධනය සඳහා ලෝක බෞද්ධයන්ගේ සාමූහිකත්වය’ යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් අඟහරුවාදා (01) දින සන්ධ්‍යාවේ බොරැල්ල, රාජගිරිය ශ්‍රී සදහම් සෙවණ පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වයෙන් නවතමයෙන් ඉදිකරන ලද බිංගිරිය ජාතික වෙසක් කලාපය විවෘත කෙරේ

මෙවර බිංගිරිය ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් පැවැති ජාතික වෙසක් දින සැමරුම - 2018, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බිංගිරිය දේවගිරි රාජ මහා විහාරස්ථාන පරිශ්‍රයේ දී සෙනසුරාදා (28) දින පැවති උත්සවයකදි විවෘත කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් ඉතිහාසය නව්‍යකරණය කරමින් පකිස්ථාන අග්‍රාමාත්‍ය තුමන් හමුවේ

පකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානිගේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක දෙරට අතර මිත්‍රත්වයේ නොමැකෙන පියවරක් තබමින් සඳුදා (23) දින දිවා කාලයේ දී ඉස්ලමාබාද් නුවර, අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කර්යාලයේදී පකිස්ථාන අග්‍රාමාත්‍ය ගරු ෂාහීද් ඛාන් අබ්බාසි මැතිතුමන් (Hon. Prime Minister of Pakistan, Shahid Khaqan Abbasi) හමු වු අතර එම සුහද හමුවේදි දෙරට අතර ආරක්‍ෂක සහයෝගිතාවය පිළිබඳ කරුණු සාකච්ඡා කරන ලදී.