‘නිරෝගී හමුදාවක්- නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියේ ‘තෘප්තිමත් හමුදා ජිවිතයක්’ ග්‍රන්ථයේ මූල් පිටපත යුද්ධ හමුදාධිපතිතුමාට පිලිගන්වයි
26th January 2018
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය පිණිස යුද්ධ හමුදා නිවාරණ හා මානසික සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය කර්නල් (වෛද්‍ය) ආර්.එම්.එම්. මොණරාගල විසින් රචිත ‘තෘප්තිමත් හමුදා ජිවිතයක්’ ග්‍රන්ථයේ මූල් පිටපත යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පසුගියදා (24) දින පිලිගන්වනු ලැබීය.
මෙම ග්‍රන්ථය ‘අවිවාහක හා විවාහක ජිවිතය’, ‘සෞඛ්‍ය පුරුදු’, ‘ආහාර පුරුදු’, ‘සමාජ ජිවිතය’, ‘සාමුහිකව වැඩකිරීම’, ‘අවංකකම සහ ඒකාග්‍රතාවය’, ‘අණ සහ සේවයට අවනතභාවය’, ‘ලිංගික චර්යාවන් සහ අනෝන්‍ය අවබෝධය’ වැනි කරුණු ඡායාරූප සහ රූප සටහන් ආධාරයෙන් සිංහල භාෂාවෙන් සවිස්තරාත්මකව රචනා කර ඇත.
මෙම ග්‍රන්ථය කොළඹ යුද්ධ හමුදා රෝහල මගින් ක්‍රියාත්මක ‘නිරෝගී හමුදාවක්- නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතිය යටතේ එළිදක්වන ලද අතර, එම ව්‍යාපෘතිය බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්.එම් විජේවර්ධන මූලිකත්වයෙන් සිදුකරනු ලබයි. තවද, ‘නිරෝගී හමුදාවක්- නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටු සභාපති නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ මූලිකත්වයෙන් දිවයින පුරා පිහිටි සියළුම යුද්ධ හමුදා කඳවුරු තුල සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් බෝ නොවන රෝග සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වනවිටත් පවත්වා ඇත.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මෙවන් ග්‍රන්ථයක් රචනා කිරීම සබැඳිව කර්නල් (වෛද්‍ය) ආර්.එම්.එම්. මොණරාගල ඇගයුමට ලක් කරන ලද අතර, මෙම ග්‍රන්ථයේ පිටපත් විශාල ප්‍රමාණයක් මුද්‍රණය කර සියළුම යුද්ධ හමුදා සාමාජිකයින් වෙත බෙදාහරින ලෙස ඉල්ලා සිටියේය.
බදාදා (24) දින පැවති මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්.එම් විජේවර්ධන සහ යුද්ධ හමුදාධිපති සහකාර කර්නල් උදය කුමාර ද එක්ව සිටියහ.
|