මුල් පුවත්
යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආරක්‍ෂක ලේකම් වෙත හමුදා ගෞරවාචාරය

ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම් ලෙස ධූරයේ රාජකාරි භාරගත් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳුදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූ අතර එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් හමුවිය.යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි නව ආරක්‍ෂක ලේකම්තුමන්ව යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රදීප් ගමගේ විසින්.....
ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සිදුකරනු ලබන කෘතහස්ථ සේවාව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් ඇගයීමේ විශේෂ උත්සවයක් බදාදා (14) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදි සියලුදෙනා අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් “සෙබළුන්ගේ හදවතට සමීපව සිටින ඔබ, ඔබව නිතරම අනුකරණය කරන කනිෂ්ඨ සෙබළුන්ට ආදර්ශයක් විය යුතුය. ඔබේ හැසිරීම්වලදී සහ කටයුතු කිරීමේ දී ඔබගේ තත්ත්වය ආරක්‍ෂා කිරීම මඟින් කණිෂ්ඨ සෙබළුන් ඔබව අගය කරන අතර, යම් දිනක ඔබ වැනි අයෙක්වීමට අපේක්‍ෂා කරයි” යනුවෙන් අවධාරණය කරනු ලැබීය.
සයිබර් අවකාශයේ ‘නොපෙනේන සතුරා’ හඳුනාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කරයි

ශ්‍රී ලංකා සංඥා බලකා 75 වන සංවත්සරය සමරනු වස් පවත්වනු ලබන සන්නිවේදන හා තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශනය හා අධ්‍යාපනික සම්මන්ත්‍රණය නොවැම්බර් මස 28 සහ 29 දෙදින පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති අතර මෙම සම්මන්ත්‍රණය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (13) දින සන්ධ්‍යාවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා 67 වන සංවත්සර උත්සව මාලාවේ දී මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය මෙන්ම ප්‍රතිසංස්කරණ, තාක්‍ෂණික කටයුතු සහ බිම් බෝම්බ ඉවත් කිරීම ආදී දැවැන්ත කාර්යභාර්යක් ඉටුකරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 67 වන සංවත්සරය දෙදින ආගමික උත්සවයක් සමගින් සෙනසුරාදා (10) දින පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මූලස්ථාන පරිශ්‍රයේ දී අභීමානවත්ව සමරනු ලැබීය.
ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලිය සාර්ථකව නිමාවට

10 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2018 අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500 කට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් සිකුරාදා (09) දින සන්ධ්‍යාවේ පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී සාර්ථකව නිමාවට පත්විය.
වර්ණවත් හමුදා පෙළපාලියකින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය අභිමානවත් 69 වන සංවත්සරය සමරයි

ජාතිය සුරැකීමේ අභීමානවත් මෙහෙවරෙහි නිරතව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව බ්‍රහස්පතින්දා (18) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද භූමියේ දී පැවැති හමුදා සම්ප්‍රදායානුකූල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිරිනමනු ලැබීය.
යුද්ධ හමුදාධිපතිතුමන් සිය මතකයන් ආවර්ජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී සිය සහෘර්ඳයන් හමුවේ

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිත්‍ය නිලධාරි පාඨමාලා අංක - 16 යටතේ පුහුණුව සාර්ථකව හැදෑරු කෙඩෙට් නිලධාරි සමඟ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය මතකයන් ආවර්ජනය කරමින් අඟහරුවාදා (16) දින පැවැති සුහද හමුව සඳහා එක්විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සංවත්සර දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති එක්වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ 69 වන සංවත්සරයට සමගාමීව ඉරිදා (14) දින දොඹගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති සංවත්සර වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බී.එස්. විදනගේ ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
යුද්ධ හමුදා සේවා බලකායට වසර 100 ක් සපිරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (12) දින පනාගොඩ එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී සැමරුම් උත්සවයක් පැවැත්විණි. එහිදි පැවැති වැඩසටහනේ ප්‍රධාන අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ශත වර්ෂ පූර්ණයට විශේෂ වැදගත්කමක් එක් කරමින් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය විසින් සමරු මුද්දරයක් නිකුත් කරන ලදී.
යුද්ධ හමුදා දිනයේ දී ‘රණවිරු සෙවණේ’ නව කෘතිම අත් පා නිෂ්පාදනාගාරයක් විවෘත කෙරේ

යුද්ධ හමුදා ආබාධිත රණවිරුවන් නේවාසිකව ප්‍රතිකාර ලබන රාගම, රණවිරු සෙවණේ දී කෘතීම අත් පා නිෂ්පාදනාගාරයක් සහ 15,000 කට අදික ආබාධිත රණවිරුවන්ට ශාරීරිකව ඉමහත් ශක්තියක් ලබාදෙමින් ශරීර සුවතා මධ්‍යස්ථානයක් ඔක්තෝම්බර් මස 10 දිනට යෙදි තිබෙන යුද්ධ හමුදා දිනය සැමරීම සඳහා සංවිධානය කරනු ලැබූ උත්සවයක දී විවෘත කරනු ලැබීය.