මුල් පුවත්

Clear

භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලාව සාර්ථකව හැදෑරු නිලධාරින් 32 ක් විසිරයයි

2018-06-06

පුරා වසරක කාලයක් ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) දී පැවති භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 04 සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා නිලධාරින් 32 ක් ඇතුළු විදේශීය නිලධාරින් දෙදෙනකු වෙත උපාධි සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය බදාදා (06) දින කොළඹ ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රාවණාගරයේ දී පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහභාගි විය.


සිවිල්-ආරක්‍ෂක හමුදා සහයෝගීතා ව්‍යාපෘතින් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයෙහි (USPACOM) හි නියෝජිතයින් තවදුරටත් අධ්‍යයනය කරයි

2018-06-02

නුදුරේදී පැවැත්විමට නියමිත දකුණු ආසියානු කලාපීය සිවිල් කටයුතු සබැඳි සම්මන්ත්‍රණයට පෙර ශ්‍රී ලංකාවේ සිවිල්-ආරක්‍ෂක හමුදා සහයෝගීතා ව්‍යාපෘතින් (Civil-Military Cooperation (CIMIC) projects) පිළිබඳ අධ්‍යයනයක නිරත වීමට පැමිණ සිටින ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයේ (USPACOM) හි නිලධාරින් 04 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක් සිකුරාදා (01) දින යුද්ධ හමුදා මුලස්ථාන හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


බුත්තල, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පවත්වනු ලබන අධ්‍යයන සැසියේදී ‘ගැටුම් විෂ්ලේශණය’ සැබැදිව ගවේෂණය කරයි

2018-05-31

‘ගැටුම්වල ස්වභාවය පිළිබඳ ගෝලීය සහ කලාපීය විශ්ලේෂණය’ (Dynamics of Conflicts; Analysis within Regional and Global Context) යන තේමාව යටතේ බුත්තල, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික අධ්‍යයන සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසිවාරය බ්‍රහස්පතින්දා (31) දින උදෑසන බුත්තලදී ආරම්භ කරන ලදී.


ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මැලේසීයාවේ දී දර්ශනීය තොරණක් ඉදිකරයි

2018-05-29

ශ්‍රී ලංකාව සහ මැලේසීයාව අතර පවතින අධ්‍යාත්මික සහ සංස්කෘතික බැදීම තවදුරටත් තහවුරු කරමින් මැලේසීයාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකාය විසින් ඉදිකරන ලද දර්ශනීය තොරණ මැලේසියා, ක්වාලා ලාම්පූර් බ්‍රික්ෆිල්ඩ් බෞද්ධ විහාරයේ දී සෙනසුරාදා (26) දින සිට ප්‍රදර්ශනය කරයි.


යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම එක්සත් ජාතින්ගේ වෙසක් සැමරුමේ දී දස්කම් දක්වයි

2018-05-28

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ වාර්ෂික වෙසක් සැමරුම - 2018, පැරීසියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ සියලු ආසියානු ශාන්තිකර කලාපීය එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ සාමාජිකයින් විසින් ‘ජාත්‍යන්තර බෞද්ධාගමික සහජීවනය සහ අවිහිංසාව’ (Promotion of Peace and Non-Violent Buddha's Way of Life) යන තේමාව යටතේ බ්‍රහස්පතින්දා (24) දින ප්‍රංශයයේ පැරීස් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධාන මූලස්ථානයේ දී ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලදි.


ජාතික රණවිරු දිනයේ බත්තරමූල්ල රණවිරු ස්මාරකය අභියස දී රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමයි

2018-05-19

ජාතික රණවිරු දිනයට සමගාමීව, බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී සෙනසුරාදා (19) දින සන්ධ්‍යාවේ ත්‍රිවිධ හමුදා, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමේන්තුවේ නිර්භිත හා ධෛර්ය සම්පන්න රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ මතකයන් සිහිපත් කරමින් ජාතියේ ගෞරවය පිරිනමනු ලැබීය.


ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 50 දෙනෙකු වෙත විශීෂ්ඨ සේවා විභූෂන පදක්කම් (VSV) පිරිනැමේ

2018-05-19

ජාතික රණවිරු දිනයට සමගාමීව, සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (19) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් 50 දෙනෙකු වෙත නොකැළැල් සේවය අගයමින් විශීෂ්ඨ සේවා විභූෂන පදක්කම් (VSV) පිරිනමනු ලැබීය.


ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සංඥා පුහුණු පාසලේ සංචාරය කරමින් ඵෛතිහාසික මතකයන් එක් කලේය

2018-05-15

සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) අඟහරුවාදා (15) දින නුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකා පුහුණු පාසලේ සංචාරයක නිරතවිය. එහිදි එම පුහුණු පාසලට නව පරිච්ජේදයක් එක් කරමින් නවතමයෙන් ඉදිකරන ලද තාක්‍ෂණික පුහුණු විද්‍යාගාරය (Technology Training Laboratory) එතුමන් සුරතින් විවෘත කර ඵෛතිහාසික මතකයක් තබනු ලැබීය.


ද්විපාර්ශීය ආරක්‍ෂක සබඳතා ප්‍රවර්ධනය කිරීමට ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී දිවයිනට පැමිණේ

2018-05-13

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා ද්විපාර්ශ්වික සබඳතාවන්හි වැදගත්කම සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව ඉන්දියානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) දින හතක නිල සංචාරයක් සඳහා ඉරිදා (13) දින සන්ධ්‍යාවේ දී ශ්‍රී ලංකාවට පැමිණියහ.


‘වයඹ රණ අභිමන්’ රණවිරු ස්මාරකය කුරුණෑගල දී විවෘත කෙරේ

2018-05-12

ත්‍රිවිධ හමුදා රණවිරුවන් සහ පොලිස් සාමාජිකයින්ගේ වීරත්වය සහ නීර්භිතකම වෙනුවෙන් ගෞරව කිරීමක් ලෙස රණවිරු සැමරුම් මාසයට සමගාමීව සිකුරාදා (11) දින ඇතුගල්පුර දී ‘වයඹ රණ අභිමන්’ රණවිරු ස්මාරකය විවෘත කරන ලදි.