හදවත් රෝගවලින් පෙළෙන පුංචි ළමුන් රැක ගැනීම සඳහා යුද්ධ හමුදාව දායක වේ
11th May 2018
හදවත් රෝගවලින් පෙළෙන දරුවන් සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Little Hearts’ – ‘බිළිඳු හදවත්’ අරමුදල සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියළුම හමුදා සාමාජිකයින්ගේ පරිත්‍යාගශීලීත්වය ලොවටම පෙන්වමින් රුපියල් මිලියන 70 ක මුදලක් අද (10) දින උදෑසන පරිත්‍යාග කරන ලදී.
සියළුම යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඔවුන්ගේ දිනක වැටුපෙන් හරි අඩක් ස්වේච්ඡාවෙන්ම මෙම අරමුදල සඳහා පරිත්‍යාග කරන ලද අතර යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම මුල්‍ය පරිත්‍යාගය සිදුකරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නව සංකල්පීය ප්‍රවේශයක් එක් කරමින් දිවයින පුරා ජාතිය ගොඩනැගිමේ සංවර්ධන කාර්යයන් හි නියැලෙමින් සිටින අතර සහජ හෘද රෝගී තත්වය (Congenital Heart Disease – CHD) හෙවත් ‘හදවතේ සිදුරු ඇතිවිමේ රෝගය’ හේතුවෙන් අප කුඩා දරුවන් මුහුණපා ඇති තත්වය අවබෝධ කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් රාජ්‍ය අංශය හා සම්බන්ධීකරණයෙන් යුතුව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ්‍රයේ ඉදිවෙමින් පවතින මහල් 10 කින් යුත් හෘද රෝග සහ දැඩි සත්කාර සංකිර්ණය සඳහා මෙම මුල්‍ය පරිත්‍යාගය සිදුකරන ලදී.
එමෙන්ම, රට තුල සාමය ස්ථාපිත කිරිම සඳහා මෙන්ම රට සංවර්ධනය කිරිමේ කර්තව්‍යය සඳහා ද සිය දායකත්වය ලබාදෙන අතරතුර මෙම රෝහල් සංකිර්ණය ඉදිකිරිමෙන් අනතුරුව ද එහි හෘද රෝග ශල්‍යාගාර, හෘද රෝග දැඩි සත්කාරක ඇඳන් ප්‍රමාණය වැඩි කිරිම, වෛද්‍ය සහ නව සුවතා ප්‍රතිකාරක ඇඳන් ප්‍රමාණය 100 කට වැඩි ප්‍රමාණයක් කිරිම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සියළුම යුද්ධ හමුදා සමාජිකයන් ගෙන් ඉල්ලීමක් ද කරන ලදී.
සහජ හෘද රෝගී තත්වය (Congenital Heart Disease – CHD) හෙවත් ‘හදවතේ සිදුරු ඇතිවිමේ රෝගය’ නිසා මෙරට ළඳරුවන් 1000 කින් 10 ක් පමණ මිය යනු ලබන අතර එය ශ්‍රී ලංකාවේ සිදුවන ළදරු මරණ සඳහා ප්‍රධානතම හේතුවක් වේ.
මෙහිදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත පිලිගන්වන ලද චෙක් පත එතුමන් විසින් නැවත ‘Little Hearts’ - ‘බිළිඳු හදවත්’ අරමුදලේ වෛද්‍ය දුමින්ද සමරසිංහ සහ එහි සාමාජික සුමේධ රණසිංහ මහතා වෙත පිලිගන්වන ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (වෛද්‍ය) සංජීව මුණසිංහ සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.
|