මුල් පුවත්

Clear

යුද්ධ හමුදා 69 වන සංවත්සරයට ආශිර්වාද පතා විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක්

2018-10-03

69 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදාවට ආශිර්වාදය පතා විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක් බදාදා (03) දින උදෑසන කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ දී යුද්ධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් ආගමික නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.


යුද්ධ හමුදාවේ ඉදිරි ගමනට කිතුනු සභාවේ ආශිර්වාදය

2018-10-02

69 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලැබු ආගමික වැඩසටහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති විශේෂ කතෝලික දේවමෙහෙය අඟහරුවාදා (02) දින බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.


69 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ජයශ්‍රී මහා බෝ සමිඳු අභියස දී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

2018-10-01

ඔක්තෝබර් මස 10 දිනට යෙදි තිබෙන 69 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් පැවැත්වෙන දෙවැනි ප්‍රධාන ආගමික උත්සවය ඓතිහාසික ‍අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවෙහි සඳුදා (01) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් නිලධාරින් සහ සෙසුනිලයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.


යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද බක්මීවැව සහ ඉදිකරන ලද අලිවැට විවෘත කෙරේ

2018-09-21

යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ගොමරන්කඩවල, බක්මීවැව සහ අලින්ගෙන් ගම්මානය ආරක්‍ෂාකරදීම සඳහා ඉදිකල අලිවැට බ්‍රහස්පතින්දා (20) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගොමරන්කඩවල දී පැවති උත්සවයක දී විවෘත කරනු ලැබීය.


ගැමුණු හේවා ඉතිහාසයේ පළමු ‘වර්ණ රාත්‍රිය’ ඉතා උත්කර්ෂවත් අයුරින්

2018-09-13

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තුවක් වන ගැමුණු හේවා රෙජිමේන්තු ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩා කෞෂල්‍යයන් අගයමින් බදාදා (12) දින සන්ධ්‍යාවේ දී කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී ඉතා උත්කර්ෂවත් ‘වර්ණ රාත්‍රියක්’ පවත්වනු ලැබු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.


ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු රණවිරුවන්ගේ දු දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්

2018-08-15

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ රටවෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ දූ දරුවන් වෙත ‘දහම් පහණ’ සංවිධානයේ සහෝදර චාර්ල්ස් තොමස් තුමන් විසින් ශිෂ්‍යත්ව 100 ක් ප්‍රදානය කිරීම අඟහරුවාදා (14) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී සිදු කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රමුඛ සහෝදර චාර්ල්ස් තෝමස් තුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.


කොළඹ දී පැවැති දකුණු ආසීයානු කලාපීය සිවිල් සම්බන්ධීකරණ සමුළුව සාර්ථකව අවසන්

2018-08-10

ආසියානු කලාපයේ සියලුම හමුදා නිලධාරීන් සිවිල්-හමුදා ක්‍රියාකාරකම් සඳහා විශේෂිත වූ, මානුෂීය ආධාරක වෘත්තිකයින් සහ ආපදා තත්වයන්වලදි සහන සලසන පාර්ශවයන් සහභාගිවන 6 වන දකුණු ආසීයානු කලාපීය සිවිල් සම්බන්ධීකරණ සමුළුව - 2018 (South Asia’s Regional Civil Affairs Seminar) හී සමාප්ති උත්සවය සිකුරාදා (10) දින කොළඹ 03 පිහිටි මොවින්පික් හෝටලයේ දී පැවැත්විණි.


ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩිපිරිසක් සඳහා යුද්ධ හමුදාවේ නව රණවිරු තොරතුරු තාක්‍ෂණ පුහුණු ආයතනය වෙතින් පරිගණක අධ්‍යයන පහසුකම් - යුද්ධ හමුදාධිපති

2018-08-03

විශ්‍රාමික හා දැනට සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල ලගම ඥාතීන්, දරු දැරියන්, අවිවාහක යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහෝදර සහෝදරියන් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් වෙනුවෙන් ත්‍රිකුණාමලය, යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාල පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද යුද්ධ හමුදා රණවිරු තොරතුරු තාක්‍ෂණ පුහුණු ආයතනය යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සුරතින් අද (3) උදෑසන විවෘත කරන ලදී.


කොළඹ යුද්ධ හමූදා රෝහල ජාත්‍යන්තර අයිඑස්ඕ ප්‍රමිති සහතිකයෙන් පිඳුම් ලබයි

2018-08-02

විශ්‍රාමික හා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට, ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට සහ සිවිල් කාර්යමණ්ඩලයට මෙන්ම නාවික, ගුවන් හමුදා සහ පොලිසියේ සාමාජිකයින්ට ද වෛද්‍ය පහසුකම් සපයනු ලබන දිවයිනේ ඉතා උසස් රෝහලක් ලෙස පිළිගනු ලබන කොළඹ යුද්ධ හමුදා රෝහලට බ්‍රහස්පතින්දා (2) දින ප්‍රමිතිකරණ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Standardization) වෙතින් පිළිගත් අයිඅස්ඕ (ISO) සහතිකයක් පිරීනමනු ලැබීය.


නයාරු විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ දී යුද්ධ හමුදාධිපතිතුමන් නව සංග්‍රාමික කිමිදුම්කරුවන් 40 දෙනෙකු වෙත නිල ලාංඡන පළඳවයි

2018-07-16

මුලතිව්, නයාරු ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේහි පාඨමාලා අංක - 5 සාර්ථකව හැදෑරු නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉරිදා (15) දින මුලතිව්, නයාරු මුහුදු වෙරළට ආසන්නව පැවති වර්ණවත් උත්සවයක දී විසිරයන ලදි.