ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 1 හි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් සිය මතකයන් ආවර්ජනය කරයි

4th May 2018

මීට වසර 50 කට පෙර දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 1 සාර්ථකව හදාරා විසිරගිය ජ්‍යෙෂ්ඨ නිලධාරින් ලද අත්දැකීම් මෙන්ම අතීත මතකයන් ආවර්ජනය කිරීමේ විශේෂ සුහද හමුවක් බදාදා (25) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමගින් පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී ඔවුන් සමඟ සාකච්ඡා කල යුද්ධ හමුදාධිපතිතුමන්, ඔවුන්ගේ මතකයන් පිළිබඳ කරුණු විමසමින් ඔවුන් ලද අත්දැකීම් බෙදාහදාගත්හ.

යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 1 හදාරා විසිරගිය ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ 50 වන සංවත්සරය පසුගියදා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී සමරනු ලැබීය.

පාඨමාලා අංක 1 හි විසිරගිය නිලධාරින් 14 දෙනා අතරින් නිලධාරින් සිවූදෙනෙකු සිකුරාදා (04) දින උදෑසන යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් විශේෂ සුහද හමුවක් සඳහා එක්විය.

මෙම සුහද අවසානයේ නික්මයාමට ප්‍රථම, යුද්ධ හමුදාධිපතිතුමන් එම විශ්‍රාමගිය ජ්‍යෙෂ්ඨ නිලධාරින් තම මව්බිම වෙනුවෙන් කල උදාර සේවය සහ කැපකිරීම ප්‍රශංසාවට ලක් කළහ.

|