මුල් පුවත්
පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය වෙතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදනය කරන ලද බැලස්ටික් රබර් නියැදිය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඉදිරිපත් කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණයක් මල්පල ගන්වමින් ප්‍රථම වරට මෙරට නිෂ්පාදනය කරන ලද බැලස්ටික් රබර් නියැදිය (Ballistic Rubber) එම ආයතනයට අනූයුක්තව සේවය කරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් එන්. ඒ. බී. එම්. එස්. නිශ්ශංක විසින් බ්‍රහස්පතින්දා (9) දින යුද්ධ හමුදා මූලස්ථානයේදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ඉදිරිපත් කරනු ලැබීය.
යුද්ධ හමුදාධිපතිතුමන් නව අවුරුද්දේ මිහිදු සෙත් මැදුරේහි කළ සංචාරයකදී රෝදපුටු නර්ථනයකින් හරසර

තම මාතෘ භූමිය රැක ගැනිම උදෙසා ඇස්, හිස්, මස්, ලේ දන්දුන් අභීත විරුවන් සිදුකළ අමිළ මෙහෙවර අමතක නොකළ යුද්ධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව අවුරුදු උදාවත් සමඟ අඟහරුවාදා (08) දින අත්තිඩිය මිහිදු සෙත් මැදුර වෙත පැමිණි අතර එහිදි පූර්ණකාලීනව ආබාධිතවී නේවාසික සිටින රණවිරුවන් හට නව අවුරුදු සුභපැතුම් හා ත්‍යාග පිරිනමනු ලැබීය.
2019 වර්ෂය සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි!
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබූ නත්තල් කැරොල් ප්‍රසංගයේ දී පුත්තලම ප්‍රදේශයේ ජිවත්වන ‘අප්‍රිකානු සම්භවයන් සහිත’ ජනවාර්ගික කණ්ඩායම් සෞන්දර්යාත්මක කුසලතා ප්‍රදර්ශනය කරයි

පුත්තලම දිස්ත්‍රිකයේ ජීවත්වන අප්‍රිකානු සම්භාවයකින් පැවත එන ‘අප්‍රිකානු සම්භවයන් සහිත’ ජාතීකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නත්තල් දින උත්සවයට සමගාමීව පුත්තලම ශාන්ත මරියා දේවස්ථානයේ දි සෞන්දර්යාත්මක හා සුවිශේෂී සංස්කෘතික කැරොල් උත්සවයක් සිකුරාදා (28) දින පැවැත්විණි.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගිත්වයෙන් අන්තර් රෙජිමේන්තු සරඹ, තූර්යවාදක කණ්ඩායම් සහ පියවර කෝදු තරඟාවලිය - 2018 අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් දර්ශනිය අංගයක් වන අන්තර් රෙජිමේන්තු සරඹ, තුර්යවාදක කණ්ඩායම් සහ පියවර කෝදු තරඟාවලියේ අවසන් තරඟ සහ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රධානය කිරීමේ උත්සවය අඟහරුවාදා (18) දින සන්ධ්‍යාවේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ක්‍රීඩාංගනයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මිත්‍රත්වය සහ සංහිඳියාව පිළිබඳ සිහිකරන යුද්ධ හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය නෙළුම් පොකුණේ දී

යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගය අඟහරුවාදා (11) දින සන්ධ්‍යාවේ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිණිය සහභාගි වූ අතර, මෙහිදි ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන් ද්විත්වයෙන්ම නත්තල් කැරොල් ගිතීකා ගායනා කළහ.
යුද්ධ හමුදාව විසින් ඉදිකල දොඹගොඩ නව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ යුද්ධ හමුදාධිපතිතුමන් පළමු පන්දුවට පහරදෙයි

යුද්ධ හමුදාව තුල ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දොඹගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබූ ක්‍රීකට් ක්‍රීඩාංගණය සඳුදා (10) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබු අතර යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරඟය නව තණතිල්ලේ පළමුවරට පවත්වනු ලැබීය.
යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලැබූ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ශාලාව සිසු දරුදැරියන් වෙනුවෙන් විවෘත කෙරේ

යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් කැළණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නවතමයෙන් ඉදිකරනු ලැබූ ප්‍රධාන ශාලාව විවෘත කිරීමේ උත්සවය සිකුරාදා (07) දින පැවැති අතර එම උතුම් අවස්ථාවට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන උපදේශක පූජ්‍ය මහාචාර්ය ඌ දව් (Prof U. Daw) නාහිමිපාණන් වහන්සේගේ සහ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ ගෞරවණීය ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
‘අංගම්පොර’ දේශීය සටන් කලාවට යුද්ධ හමුදාව නව ජීවයක් ලබාදෙයි

රාජ්‍ය අනුග්‍රහය යටතේ යුද්ධ හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයට නව පරිච්චේදයක් එක් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ප්‍රථම වරට පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපනය කරන ලද හෙළ අංගම්පොර සටන් පර්යේෂණ ආයතනය හා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම මෙන්ම පුහුණුව ලැබු යුද්ධ හමුදා අංගම්පොර සටන්කරුවන්ගේ කලඑලි මංගල්‍යය අඟහරුවාදා (04) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ත්‍රිවිධ හමුදාවේ බළලත් නිලධාරී හා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී එක් වහලක් යටට එක්වෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයකට අනුව ත්‍රිවිධ හමුදාවේ බළලත් නිලධාරී හා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී 2000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් විද්වත් කථිකාවතක් ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට සඳුදා (26) දින අත්තිඩියේ පිහිටි Eagle’s Lakeside Convention ශාලාවේ දී පැවැත්විණි.