මුල් පුවත්
යුද්ධ හමුදා ඉංජිනේරුවන්ගේ සහය ඇතිව අනුරාධපුරයේ නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා මහල් 4 කින් සමන්විත වකුගඩු සැත්කම් මධ්‍යස්ථානයක්

යුද්ධ හමුදා 2 වන ඉංජිනේරු සේවා බලකායේ වෘත්තීය ඉංජිනේරු හා තාක්ෂණික සුදුසුකම්ලත් ඉංජිනේරුවරුන් 200 කට අධික පිරිසක් හා නාවික හමුදා මෙන්ම ගුවන් හමුදා සමාජිකයින්ගේ සහය ඇතිව මැදින් පුර පසලොස්වක පොහොය දිනට යෙදි තිබු සුභ මොහොතින් බදාදා (20) දින මහල් 4 කින් සමන්විත මෙත්සිරි සෙවන සුභසාදන හා පර්යේෂණාගාරය ජනතා අයිතියට පත්කරනු ලැබීය.
ජාතික බිම් බෝම්බ ඉවත් කිරීමේ වර්ෂ 2016 – 2020 උපායමාර්ගයන්හි පිටපතක් යුද්ධ හමුදා බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධානීන් වෙත භාරදෙයි

ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වර්ෂ 2016 – 2020 දක්වා උපායමාර්ගික සැලැස්ම, කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පසුගිය බදාදා (13) දින පැවැති උත්සවයක් අතරතුරදී ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිල වශයෙන් අනුමත කරන ලදී.
විගණකාධිපති විසින් රජයේ නව විගණන පනත හා එහි විධිවිධාන පිළිබඳ යුද්ධ හමුදා නිලධාරීන් දැනුවත් කෙරේ

යුද්ධ හමුදා මූලස්ථානයේ මූල්‍ය කළමනාකරණ ශාඛාව විසින් සංවිධානය කල නව ජාතික විගණන පනත හා එහි ඇතුලත් කල නව විධිවිධාන පිළිබඳ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් පසුගිය බදාදා (13) දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.
“මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අලෙවිකරුවන් සහ ඇබ්බැහි වූවන් අත්අඩංගුවට ගැනීමට යුද්ධ හමුදාව සුදානම්” යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

“වසර 10 කට පෙර පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අයුරින් නීතිමය බලතල අප වෙත ලැබූනහොත්, නීතිය ක්‍රියාත්මක කරන අනෙකුත් බලධාරීන් සමඟ එක්ව මෙහෙයුම් දියත් කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අලෙවිකරුවන් සහ ඇබ්බැහි වූවන් අත්අඩංගුවට ගැනීමට සුදානම් බව” යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිකුරාදා (08) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටියේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
“ක්‍රීඩකයින්ට ක්‍රීඩා පහසුකම් සැපයීමට යුද්ධ හමුදාව සුදානම්” යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ක්‍රීඩා ක්ෂේත්‍රයේ වාර්තා බිහිකරමින් ඉතා උසස් මට්ටමකට ලඟාවෙමින් පසු වන අතර, යුද්ධ හමුදා බැට්මින්ටන් කමිටුව විසින් සංවිධානය කරනු ලබන ‘ඩිපෙන්ඩර්ස් විවෘත ශ්‍රේණිගත බැඩ්මින්ටන් තරඟාවලිය - 2019’ පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අප්‍රේල් මස 2 සිට 8 දින දක්වා පැවැත්වීමට නියමිතය.
‘රණවිරු සැමරුම්’ සමය නිල වශයෙන් ඇරඹේ

රණවිරු සැමරුම් මාසය - 2019 ප්‍රකාශයට පත්කරමින් එහි පළමු රණවිරු සැමරුම් කොඩිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් හට පැළඳවීමේ උත්සවය අඟහරුවාදා (05) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
'Spectrum 19' ඡායාරූප ප්‍රදර්ශනය ආරක්‍ෂක සේවා විද්‍යාල පරිශ්‍රයේ දී විවෘත කෙරේ

කොළඹ 02, ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සිසුන්ගේ ඡායාරූප සංගමය විසින් සංවිධානය කරන ලද 'Spectrum 19' ඡායාරූප ප්‍රදර්ශනය සිකුරාදා (01) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කරනු ලැබූ අතර එහිදී ප්‍රදර්ශනය සඳහා සහභාගීවූවන් ඇගයූමට ලක් කරමින් සහතිකපත් ප්‍රදානය කළහ.
වකුගඩු රෝග මධ්‍යස්ථානය විවෘත කිරීමේ සමාරම්භක උත්සවයේ දී යුද්ධ හමුදාවේ කැපවීම සහ වින්‍යානූකූලභාවය ප්‍රසංශාවට ලක් කෙරේ

නිදන්ගත වකුගඩු රෝග සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ (CKDs) මූලිකත්වයෙන් මහනුවර ශීක්‍ෂණ රෝහල් පරිශ්‍රයේ යුද්ධ හමුදාව විසින් නවතමයෙන් ඉදිකල මහල් 7 කින් සමන්විත ‘වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය’ සඳුදා (25) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අති උත්කර්ෂවත් උත්සවයකදී විවෘත කරන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් උපන් ප්‍රදේශයෙන් ‘ඩෙංගු මර්ධනය සහ මත්ද්‍රව්‍ය නිවාරණ’ ආදර්ශමත් වැඩසටහන ආරම්භ කරයි

පරිසරය පිරිසිදුව තබාගනීමින් අන් අයට හොඳ ආදර්ශයක් එක් කරමින්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව මත්ද්‍රව්‍ය නිවාරණය සහ ඩෙංගු මර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් කඳුරුදුව ගම්මානය සහ පානදුර - මොරටුව පැරණි මාර්ගය ආදී ප්‍රදේශයන් මූලික කොටගත් ව්‍යාපෘතියක් ඉරිදා (24) දින උදෑසන දියත් කරන ලදී.
ගජබා රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සේනපුර දී නවතමයෙන් ඉදිකල පිහිනුම් තටාකය විවෘත කෙරේ

සේනපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ පුනරුත්ථාපනය වන සහ ප්‍රතිකාර ලබන තුවාල ලැබූ සහ අනෙකුත් ආබාධ සහිත විරෝධාර රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති නවතමයෙන් ඉදිකරන ලද පිහිනුම් තටාකය සෙනසුරාදා (23) දින විවෘත කරන ලදී.