මුල් පුවත්
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිංහ සමාජ කාන්තා සංගමය සමඟ එක්ව දෘෂ්‍යාබාධිත උපාදී අපේක්‍ෂිකාවක් හට අභිනවයෙන් ඉදිකල නව නිවස විවෘත කෙරේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි චන්ද්‍රිකා සේනානායක මැතිණිය දිස්ත්‍රික් 306 සී සිංහ සමාජ කාන්තා සංගමය සමග අද (14) දින උදෑසන පන්නල, යක්විල, හේන්යාය ප්‍රදේශයට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ දෘෂ්‍යාබාධිත උපාධි අපේක්‍ෂිකාවක් හට දීර්ඝකාලීනව පැවැති අපේක්‍ෂාවක් සපුරාදෙනු ලැබීය.
විජයග්‍රාහී “රණකාමීන්ගේ පා ගමන” නිදහස් චතුරශ්‍රය දක්වා සම්ප්‍රාප්තිය

ශ්‍රී ලංකා ගුවන් සංක්‍රමික බලසේනාවේ සහ 53 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් මහජන සහයෝගය සහ සුහදශීලී පීතීඝෝෂා මධ්‍යයේ කිලෝ මීටර් 310 ක දුර ප්‍රමාණයකින් සමන්විත පා ගමන අද සෙනසුරාදා (8) දින උදැසන 10.00 ට පමණ කොළඹ 07 පිහිටි නිදහස් චතුරශ්‍රය වෙත ලඟා විය.
මුස්ලිම් සිවිල් සමාජය ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍ර වාරිත්‍ර පවත්වයි

ආගමික සහයෝගීතාවය හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෛනික රාමසාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍රය පසුගිය සෙනසුරාදා (25) දින පස්වරු 5.30 ට කොළඹ නගර සභා ශාලා පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජය විසින් සංවිධානය කරන ලදී.
පරම වීර විභූෂණ පදක්කම්ලාභී වීරෝදාර රණවිරුවන්ට උත්තමාචාරයක් ලෙස ‘උත්තමාචාර’ නමින් ග්‍රන්ථයක් එළිදක්වයි

මාතෘ භූමියේ පරමාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා යුදබිමේ සටන් වැදුණු, පරම වීර විභූෂණ පදක්කම්ලාභී (PWV) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විරෝධාර රණවිරුවන් ජාතික වීරයන් බවට පත් කරමින් ඔවුන් හට ගෞරව දැක්වීම වස් පදක්කම්ලාභීන්ගේ වික්‍රමයන් හා ජිවිත කථාවන් ඇතුළත් ‘උත්තමාචාර’ නමින් ග්‍රන්ථය එළිදැක්වීම මෙන්ම විශේෂ සමරු කාසිය නිකුත් කිරීම, සමරු මුද්දරය සහ මුල්දින කවරය එළිදැක්වීම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බදාදා (22) දින සන්ධ්‍යාවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති විශේෂ උත්සවයේ දී සිදුවිය.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ සදාකාලික මතකයන් ජාතික රණවිරු දිනයේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී සිහිපත් කරයි

ජාතික සාමය සහ සංහිඳියාව යථාර්තයක් බවට පත්කරගනිමින් රටේ ඒකීයභාවයත්, සාමාන්‍ය ජනජීවිතවල හෙට දවසත් සුරක්‍ෂිත කරනු පිණිස ක්‍රියාන්විතයේ දී ජිවිත පූජාකල ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ 30,000 කට අධික විරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය සාමයේ ‘දසවර්ෂාභිශේක’ සැමරුමට සමගාමීව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සැමරුම් දින (19 වැනි ඉරුදින) සන්ධ්‍යාවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
බූදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකිරීමේ ‘ප්‍රතිපත්ති’ පූජාවට දිවයිනපුරා යුද්ධ හමුදා සාමාජිකයින් එක්වෙයි

වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් වෙසක් පූර පසළොස්වක පොහෝදින (සෙනසුරාදා 18) දවසපූරා පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී සීල සමාදන වැඩසටහනක්, ධර්ම දේශනාවක්, ධර්ම සාකච්ඡාවක් සහ බෝධි පූජා පිංකමක් යුද්ධ හමුදාව විසින් පවත්වන ලදි.
දසවර්ෂාභිශේක ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව සැමරුම් උත්සව මාලාවක් සූදානම්

රට වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ඔවූන්හට උපහාර දැක්වීමේ දිනය මැයි මස 19 දිනට යෙදී ඇති අතර එදින සිට 2019 මැයි මස 22 දින දක්වා ‘දසවර්ෂාභිශේක’ රණවිරු උපහාර උත්සව මාලාවට සමගාමීව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් රට වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන්ගේ ලඟම ඥාතීන්ගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී දිවිපිදු රණවිරුවන් සිහිපත් කිරීම, පොල්තෙල් පහන ආලෝකමත් කිරීම, නව කාසියක් නිකුත් කිරීම,...
කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාර මුස්ලිම් සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිළිකූලෙන් යුතුව හෙලාදකියි

පාස්කු ඉරිදා දේවමෙහෙයන්හි නියැලි සිටි අහිංසක මිනිසුන් ඉලක්ක කරගනිමින් එල්ලවූ මේලේච්ජ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් ඇතිවූ සියලු ආගමික ප්‍රජාවන්ගේ සාමකාමී සහජීවනය නැවත ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජ කිහිපයක් ඒකාබද්ධව ආරක්‍ෂක හමුදාවන් සහ අනෙකුත් රාජ්‍ය බලධාරීන් සමඟ අත්වැල් බැඳගනිමින් බෞද්ධ, කතෝලික, හින්දු හා මුස්ලිම් පූජකවරුන්, ආරක්‍ෂක හමුදා ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රමුඛ සිවිල් ක්‍රියාකාරි නියෝජිතයින් සමඟ එක්ව පසුගිය සෙනසුරාදා (4) දින උදෑසන කොළඹ 07 නිදහස් චතුරස්‍රයේදී පැය 03 කට ආසන්න කාලයක් ‘සාමුහිකත්වය සහ සාමය කැඳවාලීම’ යන තේමාව යටතේ වැඩසටහනක් පවත්වන ලදී.
යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දිවයින පුරා පුළුල් සෝදිසි මෙහෙයුම් අරඹයි

හදිසි නීති රෙගුලාසි තත්ත්වය යටතේ ත්‍රිවිධ හමුදාවට පැවරි ඇති බලතල වලට අනුව ක්‍රියාත්මක වූ යුද්ධ හමුදාව නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලිසියේද සහය ඇතිව කොළඹ සහ අනෙකුත් ප්‍රදේශ ආවරණය වන පරිදි දිවයින පුරා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.
යුද්ධ හමුදාධිපතිතුමන් මූලතිව්හිදී සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක් ඇතුළු අත්‍යවශය පරිපාලන සහ සේවා පහසුකම් රැසක් විවෘත කරයි

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මුලස්ථානය, 591 වන බලසේනා මූලස්ථානය සහ 593 වන බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට දිර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති පරිපාලන හා නවාතැන් ඇතුළු පහසුකම් රැසක් පසුගිය බ්‍රහස්පතින්දා (18) දින විවෘත කරන ලදී.