මුල් පුවත්
පාකිස්ථානු ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත කණ්ඩායම යුද්ධ හමුදාධිපති සමඟ අදහස් හුවමාරු කරගනි

පාකිස්ථානු ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 17 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරයක් අතරතුර අඟහරුවාදා (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
ලැබුවාවූ 2019 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නව සිතුවිලි, සතුට සහ සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් ඇතුළු සියලු දෙනාහට ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමයෙන් හා සමෘද්ධියෙන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි !
යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා මුලස්ථාන නිලධාරින් සහ සෙසුනිලයින් සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය සමරයි

සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය වෙත සංක්‍රමණය වීමත් සමඟම උදාවන්නා වු නව වසර සැමරීම වෙනුවෙන් පවත්වනු ලබන සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදජනක ක්‍රීඩා රැසකින් සමන්විත සිංහල හා දමිළ අළුත් අවුරුදු උත්සවය යුද්ධ හමුදා මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනකගේ සහභාගීත්වයෙන් පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී බදාදා (10) දින පැවැත්විණි.
යුද්ධ හමුදාධිපතිතුමාගේ අරමුණකට අනුව කටාන ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා ප්‍රවීණ රණවිරු වැඩිහිටි නිවාසය ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කරන ලදි

රට ආරක්‍ෂා කිරීම සඳහා දැක්වූ කැපවීම සම්බන්ධයෙන් නිසි ගෞරවයක් සහ පිළිගැනීමක් ලබාදෙමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ විශ්‍රාම දිවිය ගත කිරීමට කටාන, බොලගල ප්‍රදේශයේ පිහිටි ප්‍රවීණ රණවිරු වැඩිහිටි නිවාසය ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 3.5 ක වියදමින් ප්‍රතිසංස්කරණය කර පසුගිය ඉරිදා (07) දින නැවතවරක් විශ්‍රාමික රණවිරුවන් වෙත පවරාදෙන ලදී.
‘වන අරණක අසිරිය’ ජාතික අලුත් අවුරුදු උත්සවය, යුද්ධ හමුදාව ප්‍රතිසංස්කරණය කල කොළොන්ගොල්ල වැව් ඉස්මත්තේ දී

පැරණි චාරිත්‍ර වාරිත්‍ර, උත්සව ඇතුළු දුර්ලභ සම්ප්‍රදායන්ගේ එකතුවක් වන සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ‘වන අරණක අසිරිය’ කණ්ඩායම එක්ව සංවිධානය කල ‘සිරිසර අලුත් අවුරුදු - 2019’ ජාතික අලුත් අවුරුදු උත්සවය පදවි ශ්‍රී පුර, කොළොන්ගොල්ලේ දී පසුගිය සෙනසුරාදා (06) දින පැවැත්විණි. මීට සමගාමීව, යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද කොළොන්ගොල්ල වැව එම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සඳහා යොදාගැනීමට ජනසතු කරන ලදී.
හෘද ශල්‍යකර්ම ව්‍යාපෘතියට යුද්ධ හමුදාව එක්දින වැටුපකින් දායකත්වය දක්වයි

ශ්‍රී ජයවර්ධනපුර ශික්‍ෂණ රෝහලේ ‘හදට හදක් භාරකාර අරමුදලේ’ ඉල්ලීමකට අනුව හෘදයාබාධ රෝගීන්ගේ ජිවිත බේරාගැනීම සඳහා හදිසි හෘද ශල්‍යකර්ම සිදුකිරීමට අවශ්‍ය වියදම් දැරීමට යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ එක්දින වැටුපකින් කොටසක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ‘හදට හදක් භාරකාර අරමුදල’ වෙත පරිත්‍යාග කරන ලදී.
යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ ඉල්ලීමකට අනුව සිංහ සමාජයේ කාන්තා සාමාජිකයින් විරෝධාර රණවිරුවන්ගේ සහ සිවිල් සේවකයින්ගේ පවුල් දිරිගන්වයි

කුරිරු ත්‍රස්තවාදීන් සමඟ පැවැති යුද්ධයේදී කාය දානය සහ ප්‍රාණ දානය ලබාදුන් විරෝධාර රණවිරුවන් හා ඔවුන්ගේ ලගම ඥාතින් මෙන්ම දැනට සේවයේ යෙදී සිටින විරෝධාර රණවිරුවන් හා සිවිල් සේවකයින්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව 306 C1 දිස්ත්‍රික් කලාප 3 හි පිහිටි කාන්තා සිංහ සමාජය සහ ලියෝ සමාජය විසින් ජූකී මහන මැෂින් 11 ක්, පරිඝණක 6 ක්, නිවසට අවශ්‍ය උපකරණ, සංගීත කණ්ඩායමට නව ඇඳුම් කට්ටල, පාසල් උපකරණ සහ රණක්‍ෂිතයට පත්වූ රණවිරුවෙකුට කෘතිම පාදයක් අඟහරුවාදා (02) දින මධ්‍යහනයේ යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති උත්සවයකදී ප්‍රදානය කරන ලදී.
යුද්ධ හමුදා ප්‍රධානී දියතලාවේ පැවති මිත්‍රශක්ති යුද අභ්‍යාසයේ යෙදි සිටින ඉන්දියන් යුද්ධ හමුදා භටයින් අමතයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පසුගිය සෙනසුරාදා (30) දින දියතලාවේ පැවැත්වූ මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය නිරික්‍ෂණය කිරිමේ සංචාරයක නිරතවිය. එහිදී ඉන්දියානු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් ඉදිරිපත් කළ උපක්‍රමික සරඹ සංදර්ශණයක් හා ඉන්දියානු යුද්ධ හමුදා භටයින් විසින් ත්‍රස්තවාදී ලෙසින් ත්‍රස්ත කඳවුරු වටලා ප්‍රහාරායක් දියත් කරන ආකාරය ද නැරඹීය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ පැවැති ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් එක්වේ

මෙරට කීර්තීමත් ආයතනයක් වන ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන - 2018’ උළෙල බදාදා (27) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදි පැවැත්වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගිවිය. එහිදි ශ්‍රි ලංකාවේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දක‍්ෂතා දැක්වූ විශිෂ්ටයින්....
6 වන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය දියතලාවේදි අඟහරුවාදා (26) දින අරම්භ විය

ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සති දෙකක කාළයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාසය හෙවත් 6 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය අඟහරුවාදා (26) දින දියතලාවේ පිහිටි 1 ගැමුණු හේවා බළඇණි කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කරන ලදි. මෙම යුධ අභ්‍යාසය සඳහා ඉන්දීය යුද්ධ හමුදා සමාජිකයින් 120 ක පමණ පිරිසක් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.