මුල් පුවත්
පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් කරනු ලබන නිෂ්පාදනයන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන යුධ හා නව තාක්ෂණික නිෂ්පාදන හා අනෙකුත් උපාංග නිපදවනු ලබන හෝමාගම, පිටිපන පිහිටි සංවර්ධන හා පර්යේෂණ මධ්‍යාස්ථානය (CRD) වෙත බදාදා (20) උදෑසන නිරීක්‍ෂණ චාරිකාවක් සඳහා පැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක එහිදි උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු රණවිරුවන්ගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මැද සිදු කෙරේ

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව මධ්‍යයේ බ්‍රහස්පතින්දා (07) දින සන්ධ්‍යාවේ සිදුකරන ලදී. දිවිපිදු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව රාජකාරි කල මේජර් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම ගේ සහ තලකොලවැව, පොල්පතිගම ප්‍රදේශයේ පදිංචි 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කල...
සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ශ්‍රී ලංකා සාමසාධක සෙබළුන්ගේ විනය, පුහුණුව සහ විශ්වාසනීයත්වය පැසසුමට ලක් කරයි

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් රැගෙන දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ඩෙනිස් ගිලිස්පොරේ (Lieutenant General Dennis Gyllisporre) අඟහරුවාදා (05) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
71 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අයුරින් සැමරේ

ශ්‍රී ලාංකීකයන්ට තිරසාර සංවර්ධනයක් හා සෞභාග්‍ය සපිරි, දුෂණය, නාස්තිය, ඥාති වාදය, අල්ලස ආදීයෙන් තොර රටක් නිර්මාණය කිරීමේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ‘එකට සිටිමු’ තේමාව පෙරදැරී කරගනිමින් ශ්‍රී ලංකා මාතෘභූමියේ 71 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේ දී සඳුදා (04) දින අභිමානයෙන් සහ ගෞරවයෙන් යුතුව සමරන ලදී.
එක්සත් ජාතින්ගේ නේවාසික සම්බන්ධිකාරක තුමිය යුද්ධ හමුදාධිපතිතුමන් හමුවී ශෝකය ප්‍රකාශ කරයි

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජිත, එක්සත් ජාතීන්ගේ සම්බන්ධිකාරක මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වන හනා සිංගර් මහත්මිය සඳුදා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එම අවස්ථාවේ දී මීට දින කිහිපයකට පෙර මාලි රාජ්‍යයේ දී ප්‍රහාරයකට ලක්වී දිවිපිදු ශ්‍රී ලාංකීක සාම සාධක හමුදා සාමාජිකයින් දෙදෙනා වෙනුවෙන් එතුමියගේ සානුකම්පිත ශෝකය ප්‍රකාශ කර සිටියහ.
සන්නද්ධ බුද්ධි බලකායේ 26 වන සංවත්සරයට සමගාමීව රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කෙරේ

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ 26 වන සංවත්සර සැමරුමට සමගාමීව අම්බලන්ගොඩ, කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කිරීමේ සැමරුම් උත්සවයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (25) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.
අන්තර් රෙජිමේන්තු ටෙනිස් ශූරතාවලියේ ජය විජයබාහු පාබල රෙජිමේන්තු සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු ක්‍රීඩකයින්ට

යුද්ධ හමුදා රෙජිමේන්තු 12 ක ක්‍රිඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ටෙනිස් තරගාවලිය - 2018 හී අවසන් තරඟ අඟහරුවාදා (22) දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන ටෙනිස් ක්‍රීඩාපිටියේදි පැවැත්වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය’ ප්‍රකාශයට පත් කරමින් ආරක්‍ෂක කටයුතු සඳහා යුද්ධ හමුදාව භාවිතාකල තවත් ඉඩම් නිදහස් කෙරේ

මූලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි දියත් කරනු ලබන විවිධ ව්‍යාපෘතින්ට සමගාමීව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සඳුදා (21) දින උදෑසන මූලතිව් විද්‍යානන්ද විද්‍යාලයේ දී පැවැති ප්‍රධාන උත්සවයකදී ජාතික පාසල් ‘මත්ද්‍රව්‍ය නිවාරණ සතිය’ ප්‍රකාශයට පත් කරන ලදී. මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ජනාධිපති කාර්ය සාධක බලකාය සහ අධ්‍යාපන අමාත්‍යංශය විසින් දියත් කරනු ලබන අතර දිවයින පුරා රජයේ පාසල්වල සිසුන් අතර අත්පත්‍රිකා බෙදාහරිමින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වෘත්තීමය පුහුණුවලත් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දේශන පවත්වමින් සිදුකිරීමට නියමිතය. එමෙන්ම, ජාතික වැදගත්කමකින් යුතු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛත්වයක් මත යුද්ධ හමුදාව සිය පූර්ණ සහයෝගය දැක්වීමට එකඟතාවය පල කර ඇත.
යුද්ධ හමුදා සහයෙන් දීපව්‍යාප්ත පාසල් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පූර්ණ දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක්

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ වැඩසටහනට සමගාමීව දිවයින පුරා පාසල් 6312 ක් දැනුවත් කිරීමේ ජාතික වැදගත්කමකින් යුතු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛත්වයක් මත යුද්ධ හමුදාවේ සහයෝගය දැක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යාධාර සහ පාසල් උපකරණ ප්‍රදානයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේවයේ නියුතු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අධ්‍යාපනය හදාරණ දරු දැරියන් 701 දෙනෙකු වෙත ලැප්ටොප් පරිගණක 10 ක් ඇතුළු රුපියල් මිලියන 14.2 ක පමණ වටිනාකමින් යුතු පාසල් උපකරණ, ශිෂ්‍යාධාර සහ පදක්කම් ප්‍රදානය කිරීම සිකුරාදා (11) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්සවාකාරයෙන් පැවැත්විණි.