මුල් පුවත්

Clear

රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී, දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතාවයන් ශක්තිමත් කරමින් යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් හමු වේ

2020-02-03

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට සපැමිණි රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (Oleg Salyukov) අද (3) දින මධ්‍යහනයේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි අතර එහිදී එම නියෝජිත පිරිස වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සඳවුරු සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් සහිත ගෞරවාන්විත පිළිගැනීමක් තුලින් ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කොට තිබිණි. තවද, රතු පලස් මතින් ඉතා උණුසුම් ආකාරයක පිළිගැනීමක් ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මඟින් කටයුතු සංවිධානය කර තිබිණි.


පාකිස්ථාන නාවික මාණ්ඩලික ප්‍රධානීට යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූල උණුසුම් පිළිගැනීමක්

2020-01-27

ශ්‍රි ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය වෙත අද (27) දින සපැමිණි පාකිස්ථාන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සෆර් මහමුද් අබ්බාසි, එන්.අයි (එම්) (Naval Staff Admiral Zafar Mahmood Abbasi) වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් හමුදා සම්ප්‍රදායානූකූල ඉතා උණුසුම් පිළිගැනිමක් ලබා දෙන ලදී.


ආබාධිත දරුවන් වෙනුවෙන් ඉදිකළ ‘අයතී’ ළමා සුරැකුම් මධ්‍යස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

2020-01-25

විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා රාගම ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වයෙන් ඉදිකරන ලද නවීනතම විශේෂඥ පහසුකම් පිරි ‘අයතී’ ළමා සුරැකුම් මධ්‍යස්ථානය සෙනසුරාදා (25) දින මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදී.


විශේෂ බලකා 23 වන සංවත්සර දිනයේදී ඔවුන්ගේ අතීත ජයග්‍රහණ හා මහිමය පිළිබඳ මතකයන් සිහිපත් කරයි

2020-01-17

ජනාධිපති ‘රණ පරශුව’ සහ රෙජිමේන්තු ‘රණ පරශුව’ යන සම්මානයන්හී ගෞරවයට පාත්‍ර වූ රෙජිමේන්තුවක් වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ 23 වන සංවත්සර දිනය යෙදී තිබු අද (17) දින උදෑසන සංවත්සර දින සැමරුම නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී වර්ණවත් වැඩසටහන් මාලාවක් සමගින් පැවැත්විණි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඕස්ට්‍රේලියාවේ විපතට පත් වූවන් වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ සමෘද්ධිය වෙනුවෙන් සෙත් පතයි

2020-01-14

දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන, පුහුණු පාසල් සහ යුද්ධ හමුදා බලසේනා, ඒකක සහ කණ්ඩායම්හී දහස් ගණන් යුද්ධ හමුදා භටපිරිස් සාතිශය සංවේගයෙන් යුතුව තියුණු ලෙස අත්වැල් බැඳගනිමින් 2020 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව තුල ඇති වූ මාරාන්තික ලැව්ගින්නෙන් මියගිය ඕස්ට්‍රේලියානු ජනතාව සහ සතුන් මෙන්ම ස්වාභාවික හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් හටගත් ආපදාවලට ජීවිත බිලි වූ සියළු දෙනා වෙනුවෙන්...


රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනයට වැට බැඳිය යුතු බව ජනපති අවධාරණය කරයි

2020-01-11

රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනය අත්‍යවශයෙන්ම පාලනය කළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සහතික වන්නේ නම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සදහා විදෙස් සිසුන් ද ආකර්ශනය කරගත හැකිය. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය රට වෙනුවෙන් විදේශ විනිමය උපයනමාර්ගයක් බවට පරිවර්තනය කළ හැකි බව ජනාධිපතිතුමා කියා සිටී.


2020 වර්ෂය සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !

2019-12-31

සමෘද්ධියෙන් පිරිපුන් නව යුගයක් අප සැමට ලබා ගත හැකිය යන බලාපොරොත්තුවෙන් ජාතියේ යහපත උදෙසා වඩා හොඳ සේවයක් දිවයින වෙනුවෙන් ඉටුකිරීම අධිෂ්ඨාන කරගෙන, නව වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට ලබන්නා වූ 2020 නව වසර සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරයි !


ප්‍රීතිමත් නත්තලක් වෙනුවෙන් සුභාශිංසන !

2019-12-24

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියළුම නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලෝකය පුරා විසිරී සිටින අපගේ පාඨකයන් හට ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන්නෙමු !


ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයෙන් තවත් කෙඩෙට් නිලධාරීන් 321 දෙනෙකු මාතෘභූමියට සේවය කිරීම සඳහා එක්වෙයි

2019-12-21

දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ඉතිහාසයට අමරණීය මතකයක් එක් කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරධනයකට අනුව, සෙනසුරාදා (21) දින පැවැති කෙඩෙට් නිලධාරීන් 321 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සහභාගි විය.


සුහද සංචාරයක නිරත ඉන්දීය නාවික හමුදා ප්‍රධානී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

2019-12-19

දිවයිනේ සිව්දින සුහද සංචාරයක නිරත ඉන්දීය නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කරම්බීර් සිං පීවීඑස්එම් ඒවීඑස්එම් ඒඩීසී (Admiral Karambir Singh PVSM, AVSM, ADC) අද (19) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහද පිළිසඳරක නිරතවිය.