මුල් පුවත්
නිරෝධායන කටයුතු සම්පූර්ණ කර පුද්ගලයින් 5052 දෙනෙකු මේ වන විට සිය නිවෙස් කරා ගොස් ඇති බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (04) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.
'ප්‍රජා සවිබල ගැන්වීම තුළින් සම්ප්‍රේෂණ දාමය බිඳ දැමීම' යන මාතෘකාව යටතේ පැවති සාකච්ඡාවට කොවිඩ්-19 වෛරසය පැතීරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි සහභාගීවේ.

මහජන සෞඛ්‍ය ආසියා-පැසිෆික් අධ්‍යයන සම්මේලනයේ (APACPH) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ආරාධනයෙන් ‘ප්‍රජා සවිබල ගැන්වීම තුළින් සම්ප්‍රේෂණ දාමය බිඳ දැමීම’ යන තේමාව යටතේ අද (30) දින පැවති සාකච්ඡාව සඳහා කොවිඩ්-19 වෛරසය පැතීරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර, එහිදි ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥයින් සහ මහජන සෞඛ්‍යය මණ්ඩලය...
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විසින් කොවිිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානි වෙත පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල තොගයක් පරිත්‍යාග කරයි

කොවිිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මෙන්ම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් COVID-19 වසංගතයට එරෙහි ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවලට සහයෝගය දැක්වීමේ අරමුණින් යුතුව අද (29) දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මහ කොමසාරිස්වරයා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහද පිළිසදරක නිරත වෙමින් හිස් ආවරණ සහ මුව ආවරණ තොගයක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කළේය.
වසංගතයෙන් රට රැකීමට මෙහෙවර කළ නාවික හමුදා භටපිරස් 180 දෙනෙකුට මේවන විට කොවීඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 වෛරසය පැතීරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී පවසයි

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (27) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.
නැවත දැනුම් දෙනතුරු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (26) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඉන්දියාවේ සිටි සිසුන් පිරිසක් දිවයිනට පැමිණි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී පවසයි

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (25) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කොළඹට ඇතුළු වන අයවළුන්ගේ අහඹු ලෙස උෂ්ණත්වය පරීක්ෂා කරන්නට යුද්ධ හමුදා ක්‍ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය යොදවයි

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (23) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එම මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.
කොවිඩ් 19 වෛරසය පැතීරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, කොවිඩ් 19 උවදුර මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සිදු කරනු ලබන වැඩපිළිවෙල පිලිබද ආරක්‍ෂක උපදේශකයින් යාවත්කාලීන කරයි

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (21) දින සවස ශ්‍රි ලංකාවේ සහ විදේශ ආරක්‍ෂක උපදේශකයින් සමග කොවිඩ් 19 උවදුර මැඩලීම වෙනුවෙනු දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සිදු කිරිමට නියමිත කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් සිදු කරන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් මුලතිව්, කිලිනොච්චි සහ යාපනය ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට අලුත් අවුරුදු සුභපැතුම් එක් කරයි

“අපගේ ඉතිහාසයේ මෙම තීරණාත්මක අවධියේදී මුළු ලෝකයම මෙම වසංගතයෙන් තර්ජනයට ලක්ව සිටින විට ඔබ කළ කැපවීම හා මිල කළ නොහැකි සේවය, අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍ය, ආරක්ෂක ලේකම් සහ සියලු ශ්‍රී ලාංකිකයන් විසින් බෙහෙවින් අගය කරනු ලැබේ. කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ද මා සන්නද්ධ හමුදාවේ සේනාධිනායකයා ලෙස පත් කළ අතිගරු ජනාධිපතිතුමන් මෙම අභියෝගාත්මක කාර්යය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට භාර දුන්නේය.
යුද්ධ හමුදාධිපතිතුමන් හුදකලා වූ තාරවිකුලම් ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සිය අලුත් අවුරුදු සුබ පැතුම් එක් කරමින් ඔවුන් දිරිගන්වයි

කොවිඩ් - 19 වසංගතය පැතිරීමට එරෙහි සටනේ පෙරමුණ ගෙන සිටින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෞඛ්‍ය අංශයේ විශේෂඥයින් සහ නිලධාරීන් සමඟ ඉකුත් සෙනසුරාදා (11) දින මන්නාරම බලා පිටත්ව ගිය අතර එහිදි හුදෙකලා වූ තාරවිකුලම් ගම්මානය සහ එහි රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිය ගණනක් වෙත නව වසර වෙනුවෙන් සිය සුබ පැතුම් පිරිනමමින් ඔවුන් මෙම සිදු කරනු ලබන ජාතික මෙහෙවරට කෘතඥතාවය ඵල කළේය.