මුල් පුවත්

Clear

කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාම වැළැක්වීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව මල්වතු-අස්ගිරි නාහිමියන් ප්‍රශංසා කරයි

2020-06-27

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (27) දින උදෑසන මහනුවර ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගලාභිදාන හිමිපාණන් සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතනාභිදාන හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර කොවිඩ්-19 වෛරසය දිවයිනෙන් තුරන් කිරීම සඳහා ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින්...


මාලි හි රාජකාරියෙහි නියුතු ලාංකික භටපිරිස් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නවීකරණය කළ යුනිබෆල් රථ නැව්ගත කිරීමට සුදානම්

2020-06-26

යුද්ධ හමුදා නවෝත්පදනයන්ට නව සන්ධිස්ථානයක් එක්කරමින්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද යුනිකෝන්/යුනිබෆල් රථ 9 ක්, ආපදා රථයක් සහ මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස් බහාලුම් 03 ක් බටහිර අප්‍රිකාවේ, මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලාංකික සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ (Combat Convoy Company) පරිහරණය සඳහා යැවීමට නැව්ගත කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.


අලංකාරවත්ව සංවර්ධනය කළ යුද්ධ හමුදා මුලස්ථාන වටපිටාව, දැන් මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී

2020-06-22

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව මාස කිහිපයක් තුළ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යුද්ධ හමුදා මූලස්ථානය අවට වටපිටාව පරිසර හිතකාමී ලෙස අලංකාරවත් කර මහජනතාව වෙනුවෙන් ශාරීරික යෝග්‍යතා මංතීරු සහිතව ඉදිකර සාර්ථකව නිම කරන ලද තවත් ව්‍යාපෘතියක් සඳුදා (22) දින නාගරික සංවර්ධන සභාපති, ගෘහ නිර්මාණ ශිල්පී හර්ෂාන් ද සිල්වා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ උත්සවයකදී සොබාදහමට ආදරය කරන මහජනයා වෙනුවෙන් විවෘත කෙරිණි.


ප්‍රධාන ආරක්‍ෂක නියෝජිතයින් පිරිසක් යාපනයේ ආරක්‍ෂාව සහ කොවිඩ් 19 වසංගතය පිළිබද සමාලෝචනයක

2020-06-17

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ ආරක්ෂක නියෝජිතයින් වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති, ජාතික බුද්ධි අංශ ප්‍රධානී සී.ඩී වික්‍රමරත්න, යාපනය, මුලතිව් සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, උතුරේ නියෝජ්‍ය පොලිස්පති සහ තවත් නිලධාරීන් පිරිසක් අද (17) දින උදේ යාපනයේ ආරක්‍ෂක තත්ත්වය සහ කොවිඩ් 19 වෛරසය පිළිබද කාලීන සාමාලෝචනයක නියැළුනහ.


ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයාබලයි

2020-05-27

ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු අද (27) දින උදෑසන කොළඹ 2, කොම්පඤ්ඤව‍ිදියේ පිහිටා ඇති ශ්‍රී ලංකාවේ පළමු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ගොඩනැගිමේහි හා එහි ප්‍රතිසංස්කරණ කටයුතුහි ප්‍රගතිය පිළිබඳ සොයාබැලීය.


‘ජාතික රණවිරු අනුස්මරණ දින’ රටදැය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සමරනු වස් සියල්ල සුදානම් කෙරේ

2020-05-17

යුද නාවික හා ගුවන් හමුදාවේ මෙන්ම පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුහි සේවය කොට රට වෙනුවෙන් දිවිපිදු දේශප්‍රේමී විරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරීනැමීමේ 11 වන ජාතික රණවිරු අනුස්මරණ දිනය (මැයි 19) බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති අතර එම අවස්ථාව සඳහා ගරු අග්‍රාමාත්‍යතුමන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆිලිට් (Admiral of the Fleet), ජනාධිපති ලේකම්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිතුමන්...


ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, පොලිස්පති ඇතුළු ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරින් දීඝවාපියේ සහ මුහුදු මහා විහාරයේ සංචාරයක නිරත වෙයි

2020-05-14

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ නායකත්වයෙන් යුතුව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, ජාතික බුද්ධි අංශ ප්‍රධානී, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති, හමුදා සම්බන්ධීකරණ නිලධාරී, අම්පාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරින් කිහිපදෙනෙකු අද (14) දින දීගවාපිය සහ පොතුවිල් ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.


මාරාන්තික වෛරසය මෙලොවින් තුරන් කිරීම සඳහා අනුරාධපුර පුද බිමේදී අධිෂ්ඨාන පූජා මාලාවක් පැවැත් විණි

2020-05-08

ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහි කරන වෙසක් පොහොය දිනයේ ලෝවැසියන්ට පැමිණ ඇති වසංගත තත්ත්වයෙන් මිදීම සඳහා අධිෂ්ඨාන පූජාවක් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...


වෙසක් උත්සව සමය නිවෙස්වල සිට සමරන ලෙස කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි මහජනතාවගෙන් ඉල්ලා සිටියි

2020-05-06

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (06) දින මධ්‍යහනේ පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සහභාගී වූහ.


ත්‍රිවිධ හමුදා සාමාජිකයින් නැවත වරක් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශ්‍රාමිකයින් හට විශ්‍රාම වැටුප් ලබාගැනීම සදහා ප්‍රවාහන පහසුකම් සැපයූ බව කොවිඩ්-19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී පවසයි

2020-05-05

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (05) දින පස්වරුවේ කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.