මුල් පුවත්
රුසියාව - ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර මිත්‍රශීලි සම්බන්ධතාවය වැඩිදියුණූ කරමින් සන්නද්ධ හමුදාවන් වෙත විශේෂ පුහුණු වැඩසටහන් ආරම්භ කරයි

ශ්‍රී ලංකා - රුසියානු හමුදාවන් අතර පවත්නා ද්වීපාර්ශ්වික හමුදාමය සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත කරනු ලැබූ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අගෝස්තු මස 3 සිට 5 දින දක්වා රුසියාව තුල තෙදින සංචාරයක නිරත විය.
‘වර්ණ රාත්‍රියේ’ දී යුධෝපකරණ බලකා ක්‍රීඩකයින්ට වර්ණ ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් අගයමින් ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බිෂොප් විද්‍යාල ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් ‘වර්ණ රාත්‍රියක්’ පවත්වනු ලැබීය.
යුද්ධ හමුදා මූලස්ථානයේදී නව ගුවන් හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ උණුසුම් අයුරින් පිළිගනී

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාධිපතිතුමන් ලෙස නවතමයෙන් පත් වූ එයාර් මාර්ෂල් සුමංගල ඩයස් එම ධූරයට පත්වීමෙන් අනතුරුව සිය පළමු නිල සංචාරය ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණි අතර එහිදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ සුහඳ පිළිසඳරක ද නිරත විය.
වෛද්‍ය ප්‍රතිකාර හෝ වෙනත් කටයුතු සඳහා කොළඹට පැමිණෙන සෙසුනිලයින්ට නවාතැන් පහසුකම් සපයයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව, වෛද්‍ය ප්‍රතිකාර හෝ වෙනත් කටයුතු සඳහා කොළඹට පැමිණෙන සෙසුනිලයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අවම මිලකට නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් කොළඹ යුද්ධ හමුදා රෝහල ආසන්නයේ පිහිටි මැනිං ටවුන් යුද්ධ හමුදා නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණය කරන ලද අංගසම්පූර්ණ නිවාඩු නිකේතන දෙකක් අද (31) දින උදෑසන විවෘත කරනු ලැබීය.
ශ්‍රී දළදා පෙරහැර ආලෝකමත් කිරීම සඳහා යුද්ධ හමුදාව 5 වන වරටත් ‘කොප්පරා’ පූජා කරයි

වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය, මහනුවර විදී ආලෝකමත් කරමින් දින කිහිපයක් පූරා විදී සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සම්ප්‍රදායිකව අඛණ්ඩව සිදුකරනු ලබන චාරිත්‍රයේ තවත් පියවරක් වශයෙන් 05 වන වරටත් වියළි පොල් (කොප්පරා) ටොන් 05 ක් ඉකුත් සඳුදා (29) දින උදෑසන පූජා කරනු ලැබීය.
‘සත්විරු අභිමන්’ ව්‍යාපෘතිය යටතේ ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ දරුවන්ට සුභසාධන ප්‍රතිලාභ බෙදාදෙයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ‘සත්විරු අභිමන්’ ව්‍යාපෘතියේ යටතේ මව්බිම වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ අත් පා අහිමි වු ආබාධිත රණවිරුවන්ට මෙන්ම සේවයේ යෙදී සිටින රණවිරුවන් ඇගයුමට ලක් කරමින් රුපියල් මිලියන 700 කට අධික වටිනාකමින් යුත් නිවාස....
ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද ප්‍රථම ‘ආයතී ළමා සුරැකුම් මධ්‍යස්ථානය’ විවෘත කෙරේ

ආබාධිත දරුවන්ගේ සුභසාධනය සනිටුහන් කිරීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකරනු ලැබූ ‘ආයතී ළමා සුරැකුම් මධ්‍යස්ථානය’ අද (18) දින උදෑසන පැවති සරල උත්සවයකදී එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ආබාධිත දරුවන් වෙත විධිමත් ලෙස පවරා දෙනු ලැබිණි.
උණුසුම් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මධ්‍යයේ යාපනයේ යුද්ධ හමුදා නැටුම් හා ගායන තරු කිරුළු පළඳී

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ඉකුත් සිකුරාදා (6) දින සවස දැවැන්ත වේදිකාවක් මත යාපනය අර්ධද්වීපයේ සිය ගණනකට අධික ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් සිය සෞන්දර්යාත්මක කුසලතා එළිදැක්වූ අතර. එම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් කරන ලද ආරාධනයකට අනුව එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගී විය.
තවත් විශේෂ බලකා සෙබළුන් 319 ක් මාදුරුඔය දී විසිර යති

ජාතියේ අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, විශේෂ බලකා පාඨමාලා අංක - 49 යටතේ “අධීෂ්ඨානයෙන් අභිතව අරමුණ කරා” යන ආදර්ශ පාඨය පෙරදැරීව ‘නිර්භිතව ඉලක්කය කරා ළඟාවීමට කැපවන’ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 315 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (22) දින උදෑසන මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී පැවැත්විණි.
ඉන්දු - ශ්‍රී ලංකා හමුදා සහයෝගිතාවයේ හා සුහදත්වයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉන්දිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය සන්නද්ධ හමුදාවන් අතර සහයෝගිතාව හා සුහදත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අභිලාෂයෙන් ඊට නව ප්‍රවේශයක් විවර කරදෙමින් දැවැන්ත අයුරින් සංවිධානය කරන ලද ද්වීපාර්ශවික ගවේෂණ සංචාරයක් සඳහා අද (15) දින උදෑසන ඉන්දිය ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 159 දෙනෙකු ඔවුන්ගේ භාර්යාවන් සමඟ දිවයිනට පැමිණි අතර එයට සමගාමීව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයින් 162 ක් ඔවුන්ගේ භාර්යාවන් සමඟ ඉන්දියාවේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්විය.