මුල් පුවත්
“අපිව විශ්වාස කරන්න, නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවූවන් වෙනුවෙන් අපි අපේ උපරිමයෙන් අවශ්‍ය කටයුතු කරනවා” - ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි

“ඇතැමුන් පවසන කටකතා හෝ අසත්‍ය ප්‍රකාශ පිළිබඳ කිසිවකු විශ්වාසය නොතැබිය යුතුයි. එය ඇතැම් විට සම්පූර්ණයෙන්ම අසත්‍ය හා නොමඟ යවන සමාජ මාධ්‍යවල ප්‍රචාරයන් විය හැක. ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඔබ ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහි ඔබගේ පූර්ණ විශ්වාසය තැබිය යුතුය. අපි බොරු නොකියමු, යුද්ධ හමුදාව මෙම කාරණය සම්බන්ධයෙන් කිසිවක් සඟවන්නේ නැත” යනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (12) දින සන්ධ්‍යාවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනු ලැබීය.
“රැඳවියන්ට අවශ්‍ය සියළු පහසුකම් ලබා දී ‘කොවීඩ් - 19’ නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව ඉටු කිරීමට යුද්ධ හමුදාව සූදානමින්” - ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

‘ශ්‍රී ලංකාව තුළ මාරාන්තික ‘කොවීඩ් - 19’ වෛරසය පැතිරීම වැළැක්වීමේ සටනේ දී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඔවුන්ගේ සියළු පහසුකම් සහ අනෙකුත් වරප්‍රසාද කැප කිරීමට සූදානම් බව බ්‍රහස්පතින්දා (12) දින සන්ධ්‍යාෙව් ‘දෙරණ’ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ‘අළුත් පාර්ලිමේන්තුව’ රූපවාහිනි වැඩසටහනේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය...
ශ්‍රී ලංකාවට පැමිණෙන දේශීය සහ විදේශීය ජාතිකයින් නිරෝධායනය කිරිම සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන සහ විශේෂඥ වෛද්‍ය වරුන් සූදානමින්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් හා එක්ව සහයෝගීත්වයෙන් රට තුළ මාරාන්තික ‘කොවිඩ් -19’ (කොරෝනා වෛරසය) පැතිරී යාම පාළනය කිරිමේ ජාතික වගකීම ත්‍රිවිධ හමුදාව යළිත් වරක් භාරගෙන තිබේ. ඒ අනුව ‘කොවිඩ් -19’ කොරෝනා වෛරසයට මුහුණ දී ඇති විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් නිරෝධායනය කිරීම සඳහා මඩකලපුව පූනානී සහ කන්දකාඩු වැඩිදියුණු කරන ලද....
‘තුරු මිතුරු නව රටක්’ අදියර 3 මගින් ජනතා උපයෝගීතාවය, පරිසර අලංකරණ හා තවත් පැළ සිටුවීම් තුළින් හරිත නගරයකට මංපෙත් විවර කරයි

නව යුද්ධ හමුදා මූලස්ථානය අවට වටපිටාව පිළිබඳ වඩාත් පරිසර හිතකාමී දසුනක් මහජනතාවට ඉදිරිපත් කිරීමටත් පරිසරය ජනතාවට හිතකර අයුරින් සකස් කිරිම සඳහාත් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ ‘තුරු මිතුරු නව රටක්’ ප්‍රජා ව්‍යාපෘතියේ 3 වන අදියර යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අද (3) දින උදෑසන දියත් කරමින් පරිසරය අලංකාරවත් කිරීමේ රුක් රෝපණ ව්‍යාපෘතියක් සමගින් මහජනතාව වෙනුවෙන් ඉදිකළ ශරීර සුවතා මන්තීරුව සහ....
නව උඩරට භාවනා මධ්‍යස්ථානය යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් අතින් විවෘත වෙයි

මහනුවර දිස්‍ත්‍රික්කයේ උඩුදුම්බරට ආසන්නයේ පිහිටි උඩපිටිවල දර්ශනීය කඳුකර භූමිභාගයක ඉදිකරනු ලැබූ නව උඩුදුම්බර ‘සමත විදර්ශනා’ භාවනා මධ්‍යස්ථානය අද (29) දින උදෑසන පැවති ආගමික උත්සවයකදී මහා සංඝරත්නය වෙත භාරදෙනු ලැබූ අතර එම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් ලෙස අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතනාභිධාන නායක ස්වාමින් වහන්සේ, අස්ගිරි මහනායක හිමියන්, අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමින් වහන්සේ, අස්ගිරිය...
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ යුද්ධ හමුදා අරමුදල එක්ව විරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව පිරිනමයි

රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්, ආබාධිත රණවිරුවන් මෙන්ම සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් සේවකයින්ගේ පවුල්වල සිසු සිසුවියන් සඳහා සුජීවා නෙල්සන් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සිදුකරනු ලබන සුභසාධන කටයුතු තවදුරටත් පුළුල් කරමින් අධ්‍යාපනය හදාරනු ලබන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පොස. සා/පෙළ විභාගය සහ අ.පොස. උ/පෙළ විභාගය ඉහළින් සමත් සිසු සිසුවියන් දිරිගන්වමින් රුපියල් මිලියන 3.5 කට වඩා වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් බදාදා (26) දින සන්ධ්‍යාවේ කොළඹ 2 පිහිටි ආරක්‍ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සැම්බියන් යුද්ධ හමුදාධිපති යුද්ධ හමුදා මූලස්ථානයේදී උණුසුම් අයුරින් පිළිගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සැම්බියන් යුද්ධ හමුදාව අතර පවත්නා ද්වීපාර්ශවික සුහදත්වය, සම්බන්ධතාවය සහ අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් සැම්බියානු ජනරජයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) ශ්‍රී ලංකාවේ සිදුකරන පස්දින නිල සංචාරය අතරතුර අද (24) දින උදෑසන වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවීම සඳහා යුද්ධ හමුදා මුලස්ථානයට පැමිණියේය.
ලෝකයේ පළමු පරිසර හිතකාමී රෝග නිවාරණ රෝහල යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකිරීමට පියවර ගනී

නිදන්ගත වකුගඩු රෝගය සහ පිළිකා රෝගය ඇතිවීමේ ප්‍රවණතාව සාපේක්‍ෂව ඉහළ යාම හේතුවෙන් වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව දිවයිනේ ප්‍රමුඛ පෙළේ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය තාක්‍ෂණික විශේෂඥතාව, ඉංජිනේරු තාක්‍ෂණය සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් ලොව ප්‍රථම පරිසර හිතකාමී රෝග නිවාරණ රෝහල අනුරාධපුරයේ ස්ථාපිත කිරීමට කටයුතු සැලසුම් කර ඇත.
“යුද්ධ හමුදාධිපතිවරයා සහ ඔහුගේ පවුල වෙත මධ්‍යතන යුරෝපයේ දඬුවම් සිහිගන්වන ආකාරයේ සාමූහික ගමන් තහන්චියක් පනවා ඇත” යනුවෙන් අග්‍රාමාත්‍යතුමන් පවසයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් යුද්ධ හමුදාධිපතිට සහ එතුමන්ගේ පවුලේ අයවළුන්ට එරෙහිව පනවා ඇති ගමන් තහනම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් විසින් අද (19) දින නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
ඉන්දියාවේ පැවති 'DEFEXPO-2020' ප්‍රදර්ශනය සඳහා ආරක්‍ෂක ලේකම්ට සහ වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපතිට විශේෂ ආරධනයක්

දින පහක් පුරා ඉන්දියාවේ ලක්නව් නුවර පැවැත්වෙන 11 වන 'DEFEXPO-2020' දැවැන්ත ප්‍රදර්ශනය තුළින් හමුදා ආයුධ, ආධාරක පද්ධති දෘඩාංග හා තාක්‍ෂණය ඉන්දියාවේ ගොඩබිම, මුහුදු හා ගුවන් හැකියාවන් සහ ඉන්දියානු ආරක්‍ෂක ක්‍රමවේද එකම ප්‍රදර්ශනයකදී ප්‍රදර්ශනය කරයි. මෙම ලොව විශාලතම ආරක්ෂක ප්‍රදර්ශනය ඉන්දියාවේ ගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන් විසින් ඉකුත් බදාදා (5) දින ලක්නව් (Lucknow) හිදී රටවල් 150 ක පමණ ආරක්‍ෂාව සම්බන්ධ ගෝලීය නායකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.