මුල් පුවත්

Clear

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය ආබාධිත රණවිරුවන් 330 දෙනෙකු වෙනුවෙන් සුවිශේෂි වැඩසටහනක් දියත් කරයි

2019-12-17

රටේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරිම සඳහා සිය දිවි පරදුවට තබා සටන් වැද දැනට අත් පා අහිමිව ආබාධිත තත්ත්වයේ පසුවෙමින් මිහිදු සෙත්මැඳුර, අභිමංසල 1 , 2, 3 , රාගම රණවිරු සෙවන සහ රෙජිමේන්තු මුලස්ථාන බලඇණි තුල නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝධාර රණවිරුවන් 330 දෙනෙකු සඳහා ඔවුන්ගේ එදිනෙදා ජිවිතයේ ඒකාකාරි බවින් මිදිම අරමුණු කරගනිමින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ...


දහස් ගණනක් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරින් විසින් ආරක්‍ෂක ලේකම් තුමන්ව හමුදා ගෞරවාචාර මධ්‍යයේ යාපනයේදී උණුසුම් අයුරින් පිළිගනි

2019-12-12

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා (12) දින උදෑසන යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පළමු නිල සංචාරය සිදුකළ අතර එහිදී, එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සියගණනක් ආරක්‍ෂක ලේකම් තුමා වෙත සිය ඉහළම ගෞරවාචාරය පිරීනැමීය.


යුද්ධ හමුදා නත්තල් කැරෝල් ගී ප්‍රසංගය සමඟ නෙළුම් පොකුණ රඟහල වර්ණවත් විය

2019-12-11

එළඹෙන නත්තල් සමය ලොවට මතක් කර දෙන සාමයික සංගීතයේ තනු නිර්මාණය කරමින්, යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගය අඟහරුවාදා (10) දින සන්ධ්‍යාවේ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී පැවැත්විණි.


හමුදා සේවය, මාතෘ භූමියට ණය නැති වඩාත්ම උතුම් වෘත්තියක්” - ආරක්‍ෂක ලේකම් සඳහන් කරයි

2019-12-09
“ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සඳුදා (9) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද්ධ හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරයේ නිරතවූ අතර එහිදි එතුමන් ජාතික ආරක්‍ෂාව පිළිබඳ වගකීම භාරගෙන අපේ මුළු ජාතියටම ආරක්‍ෂාව සහතික කරන ලෙස සියලුම හමුදා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. යුද්ධ හමුදා වෘත්තිය ලෝකයේ වඩාත්ම උතුම් වෘත්තියක් වන බැවින්....

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සිදුකළ දේශනය අතරතුරදී එතුමන්ගේ ඡායාරූපය නිරාවරණය කරමින් ගෞරව පුදකරයි

2019-12-05

උසස් ආරක්‍ෂක අධ්‍යයන අංශයේ ප්‍රමුඛතම ස්ථානයක් හිමි සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘පවුරේ කීර්තිය’ (Wall of Fame) අලංකාරවත් කරමින් වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඡායාරූපයක් අද (5) දින උදෑසන නිරාවරණය කරන ලදී.


ශ්‍රී ලංකාවේ නව අගමැති ලෙස ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් දිවුරුම් දෙයි

2019-11-22

සමෘද්ධිය, සංහිඳියාව සහ සංවර්ධනය මූලික කරගත් නව යුගයක් සංකේතවත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) දින පැවති කෙටි උත්සවයක දී, හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක ගරු මහින්ද රාජපක්‍ෂ මැතිදුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ඉදිරියේදී දිවුරුම් දුන්නේය.


නයිජීරියානු යුද්ධ හමුදා නියෝජිත කණ්ඩායමක් විශේෂ බලකා පුහුණු අධ්‍යයන වැඩසටහනකට සහභාගීවීමට දිවයිනට පැමිණෙයි

2019-10-28

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ සවිස්තරාත්මක පුහුණු වැඩසටහනක් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට නයිජීරියානු යුද්ධ හමුදාවේ හය දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් මේ වනවිට දින පහක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත.


පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වේ

2019-10-22

මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයෙන් බිහිකළ ක්‍රීඩා සහ විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් හි දක්‍ෂතා දැක් වූ ජයග්‍රාහිකාවන් 400 දෙනෙකු ඉකුත් සදුදා (21) දින එම පාසල් පරිශ්‍රයේදී පැවැත් වු වර්ණ රාත්‍රියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ වත්මන් හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සම්මාන ලබාගැනීමේ සුවිශේෂි වරප්‍රසාදය හිමිකරගත්හ.   


යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් දරුවන් දෙදෙනෙකු සිටින මවකට අංගසම්පුර්ණ නිවසක් ඉදිකරදෙයි

2019-10-13

ඉනාමළුව රොටරි ග්‍රාමයෙහි පදිංචි දරුවන් දෙදෙනෙකු සිටින අසරණ මවක් වෙනුවෙන් යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලැබූ ‘සිහින’ නිවස අද (13) දින උදෑසන මෙම ව්‍යාපෘතියේ පුරෝගාමීයා වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිවාසලාභි දමයන්ති කුමාරි මහත්මිය වෙත නිල වශයෙන් භාරදෙන ලදී. එම අවස්ථාවේදී නිවාසලාභී දමයන්ති කුමාරි මහත්මිය අදහස් දක්වමින් “මටත් මගේ අසරණ වූ දරුවන් දෙදෙනාටත් තිබූ සිහිනයක් සැබෑ වී තිබේ. අප වටා තවමත් හොඳ යහපත් සමාජයක් තිබෙන බව මට තවමත් විශ්වාස කළ නොහැකිය...


යුද්ධ හමුදා දිනයට ප්‍රථම බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කෙරේ

2019-10-08

ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදෙන 70 වන යුද්ධ හමුදා සවත්සරයට සමගාමීව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (08) දින සන්ධ්‍යාවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැති අතර එම අවස්ථාවට යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනක් සහභාගි වූහ.