මුල් පුවත්
අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සියවස් සැමරුම සනිටුහන් කරමින් ශ්‍රී ලාංකික උපාධිධාරීන්ට පදක්කම් ප්‍රධානය කරයි

පාකිස්ථානයේ ‘Quetta’ හී පිහිටි විශිෂ්ඨ ගනයේ අණ හා මාණ්ඩලික විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් එහි අධ්‍යාපනය ලැබු ශ්‍රී ලාංකික උපාධිධාරි හමුදා නිලධාරීන් සඳහා පදක්කම් ප්‍රදානය කිරිමේ උත්සවයක් අද (22) දින ශ්‍රී ලංකාවේ පිහිටි සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබු අතර, කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය මේ වෙනුවෙන් පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දී තිබිණි.
නව නාවික හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා හරසර මැද යුද්ධ හමුදා මූලස්ථානය වෙත පිළිගැනේ

නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස අභිනවයෙන් රාජකාරි ඇරඹූ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (21) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සිය ප්‍රථම නිල හමුව පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව “ජාතික සංහිදියාවේ සංකේතයක්” වූ බව පුන්කුඩිතිවු නිවාස විවෘත කරමින් උතුරු ආණ්ඩුකාරවරයා පවසයි

යුද්ධ හමුදාව විසින් ආරම්භ කරනු ලැබු නිවාස ඉදිකිරිමේ දැවැන්ත ප්‍රජා ව්‍යාපෘතියට සමගාමීව “ජාතික සංහිදියාවේ සංකේතයක්” ලෙස යාපනය අර්ධද්වීපයේ වේලානායි ප්‍රදේශයේ පුන්කුඩිතිව් ගම්මානයේ විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පවුල් වෙනුවෙන් ඉදිකරනු ලැබු නව නිවාස 25ක් අද (18) දින ප්‍රතිලාභීන් වෙත පවරාදෙන ලදී.
කිලිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා නව යුද හමුදා රෝහලක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහතුන්ගේ සෞඛ්‍යය තත්ත්වයන් ඉතා උසස් මට්ටමකින් පවත්වාගෙන යාමේ අරමුණින් යුතුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ නවීන පහසුකම්වලින් සපිරි ඇදන් 75 කින් සමන්විත නවතමයෙන් ඉදිකරනු ලැබු යුද්ධ හමුදා මූලික රෝහල අද (17) දින පැවති උත්සවයකදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා භාරදෙනු ලැබීය.
යුද්ධ හමුදාව ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර ආලෝකමත් කිරීමට ‘කොප්පරා’ පූජා කරති

කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා පැතිරීම පාලනය කිරීමේ ජාතික අභියෝගාත්මක කර්තව්‍යය මධ්‍යයේ වුවද, වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය වීදි සංචාරය කිරීම සඳහා මහනුවර වීදි ආලෝකමත් කිරීමට යුද්ධ හමුදා සාමාජිකයින් සම්ප්‍රදායිකව චාරිත්‍රයක් ලෙස අඛණ්ඩව 07 වන වරටත් කොප්පරා ශ්‍රී දළඳා මාලිගාව වෙත පූජා කරනු ලැබුහ.
අද්මිරාල් පියල් ද සිල්වාගේ විශිෂ්ට සේවය සිහිපත් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපතිතුමන් සුබපැතුම් පිරිනමයි

නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා සිය සේවා කාලය අවසන විශ්‍රාම ගැනීමට ප්‍රථම, අද (14) දින පස්වරුවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේ දී මුණගැසිනි.
“තවදුරටත් සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් පිළිපදින්න, අසත්‍ය තොරතුරු හා ව්‍යාජ කටකතා විශ්වාස නොකරන්න” කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි පවසයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පස්වරුවේ රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී, සියලුම බලධාරීන් සත්‍ය සංඛ්‍යාලේඛන හා නිවැරදි තොරතුරු, පළමු කොවිඩ් ආසාදිතයා වර්තා වූ මාර්තු මස සිට මේ දක්වා මහජනතාව වෙත ඉදිරිපත් කර ඇති බවත් වඩාත් ප්‍රවේශමෙන් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් පිළිපැදිය යුතු බවත් අසත්‍ය තොරතුරු හා ව්‍යාජ කටකතා වලට නොරැවටෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියහ.
මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද විමසීම් විධිමත්ව පැවැත්වීම සඳහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, වැඩබලන පොලිස්පති සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්ගේ සහාය ඉල්ලයි

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු අතර සාකච්ඡාවක් අද (6) දින පස්වරුවේ රාජගිරියේ පිහිටි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවත්විණි. එහිදි, නිරෝධායන ක්‍රියාවලියේ හා දැනට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව සම්බන්ධීකරණය කිරීම පිළිබඳව සාකච්ඡා කළහ.
නොපෙනෙන කොවිඩ් සතුරා මැඩලීමට නායකත්වයදුන් යුද්ධ හමුදාධිපති පැසසේ

ජාතික උරුමයක් ලෙස සැලකෙන එලිසබත් යුගයේ මන්දිරයක් වු නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ කළමනාකාරීත්වය සහ කාර්යමණ්ඩලය, තරුණ සංගීතඥයින් සහ සිසුන් කණ්ඩායමක් සමඟ එක්ව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත උපහාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින සංවිධානය කළ අතර හෝටල් පරිශ්‍රයේදී, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඡායාරූපයක් නිරාවරණය කරමින් කොවිඩ්-19 වෛරසය දිවයිනෙන් තුරන් කිරිම සඳහා කරන ලද කාර්යභාර්ය අගය කරමින් විශේෂ සමරු තිළිණයක් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කලෝය.
දිගුකාලීන අවශ්‍යතාවයක් සඳහා නුවරඑලිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මුල්ගල තබයි

අතීත යටත් විජිතවාදින්ගේ ‘කුඩා එංගලන්තය’ හා සමාන නුවරඑළිය ප්‍රදේශයේ සිසිලස හා සරුසාර කඳුකරයේ විවේක ගැනීමට සහ විනෝදවීමට පැමිණෙන නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පැවැති දීගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින්, නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ අති නවීන නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා අද (02) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් මුල්ගල තැබීය.