මුල් පුවත්
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නව ඉදිකිරීම් විවෘත කිරීමට හා රණවිරු දූ පුතුන් වෙත පාසල් උපකරණ රැසක් බෙදාදීමට යුද්ධ හමුදාධිපතිතුමන් හා එම මැතිණිය එක් වේ

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නව ඉදිකිරීම් සහ සුභසාධන ව්‍යාපෘති කිහිපයක සමාරම්භය සනිටුහන් කිරීම වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය එම රෙජිමේන්තු භටපිරිස් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.
ආරක්‍ෂිතව හා නිරෝගීව නිවසෙහිම රැදෙමින් සමරනු ලබන සුභ නත්තලක් වේවා!

ජාතියක් වශයෙන් එක්සත්ව, සෞඛ්‍යාරක්‍ෂිතව නිවසෙහිම රැඳෙමින් ඉවසිලිමත්ව ගෙවෙන සෞභාග්‍යමත් නත්තලකට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සියලු නිලධාරින් සහ සෙසු නිලයින් වෙත ප්‍රර්ථනා කරයි.
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතු වල නිරත සන්නද්ධ හමුදා සාමාජිකයින්ට යුද්ධ හමුදා මූලස්ථානයේදී නත්තල් ආශීර්වාද

ලෝවැසි දන හට ප්‍රීතිය හා සාමය රැගෙන උපන් ජේසුස් බිළිඳුන්ගේ උපත සිහි කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් මෙම වසරේ නත්තල් සැමරුම් ඉතා චාම් අන්දමින් යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ඉතා වැදගත්කමක් එක්කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනාවකට අනුව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී විය.
ආරක්‍ෂක ලේකම්තුමන් ගේ සහභාගිත්වයෙන් පැවති පෙළපාලියක දී තවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ කෙඩෙට් නිලධාරින් 187 දෙනෙකු ජනපති අධිකාරිය ලබති

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි පුහුණුව සාර්ථකව අවසන් කළ තවත් කෙඩෙට් නිලධාරින් 187 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අභිමානවත් පෙළපාලියකදී සෙනසුරාදා (19) දින විසිර යන ලදී. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනයකට අනුව මෙම පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කමල් ගුණරත්න සහභාගී වූ අතර මෙම පෙළපාලිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ඉතිහාසයේ 95 වැන්න ලෙස සනිටුහන් විය.
කුරුවිට ගැමුණු හේවා බලකායේ සුභසාධන ව්‍යාපෘතින් කිහිපයක් යුද්ධ හමුදාධිපතිතුමන් අරඹයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය (06) දින ගැමුණු හේවා බලකාය විසින් සංවිධානය කරන ලද සුභසාධන ව්‍යාපෘතීන් රැසක ආරම්භය සනිටුහන් කිරීම සඳහා සහභාගී වූ අතර, එම ව්‍යාපෘතීන් අතර, යුද්ධයේදී තුවාල ලබා රණක්‍ෂිතයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් කෘතීම අත් පා පරිත්‍යාග කිරීම, නවතමයෙන් ඉදිකරන ලද නිවාඩු නිකේතනය විවෘත කිරීම හා රණවිරු සුභසාධනය අරමුණු කොටගෙන පැවති ලොතරැයි ජයග්‍රහණයන් සඳහා ත්‍යාග ප්‍රදානය ආදි අවස්ථාවන් විය.
යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර කණ්ඩායමේ පුහුණු නිදර්ශනය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ මුලික ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක - 07 යටතේ පාඨමාලාව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විසිරයාමේ පෙළපාලිය සහ පුහුණු නිදර්ශනය අද (22) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රදානත්වයෙන් කොත්මලේ ප්‍රදේශයේදී පැවැත්විණි.
‘හුස්ම දෙන තුරු’ ජාතික වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානය ආසන්නයේ පිහිටි ඇවිදින මංතීරුව අසලින් ආරම්භ වේ

යුද්ධ හමුදාව, මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යාංශය ඒකාබද්ධව දියත් කරන ‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භය යුද්ධ හමුදා මූලස්ථාන ප්‍රවේශ මාර්ගයේ ඇවිදින මංතීරූව ආසන්නයේදී අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) දින ආරම්භ කෙරිණි.
යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේදී ‘කිරි’ නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපෘතියක් අරඹයි

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන්, සෙසුනිලයින්, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් නිරන්තරයෙන් විවිධ සුභසාධන ව්‍යාපෘතින් දියත් කරන ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකය විසින් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ‘ගැලන්ට්’ යෝගට් සහ කිරී ආශ්‍රිත නිෂ්පාදනාගාරය අද (19) දින සන්ධ්‍යාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.
යුද්ධ හමුදාවේ කාර්යභාරය පුළුල් කරමින් නව ඉංජිනේරු සේනාංකයක් ස්ථාපිත කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ කාර්යභාරය තවදුරටත් පහසුකරමින් මත්තේගොඩදී නව ඉංජිනේරු සේනාංකයක් ස්ථාපිත කිරීම සහ එහි නව මුලස්ථාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද (18) දින සිදු කෙරිණි.
දකුණු සූඩානයේ සාම සාධක රාජකාරීන් සඳහා පිටත්ව යන 7 වන යුද්ධ හමුදා කණ්ඩායමට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුබපැතුම්

එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ 7 වන යුද්ධ හමුදා කණ්ඩායමට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අඟහරුවාදා (17) දින උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී සිය සුබපැතුම් පිරිනැමීය.