මුල් පුවත්

Clear

යුද්ධ හමුදාධිපති කිලිනොච්චියේ ඉදිවන කොවිඩ් රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක

2020-10-31

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුමට අදාලව දිවයින පුරා සිදුකරනු ලබන මෙහෙයුම් වල ප්‍රගතිය පිළිබඳ පරික්‍ෂා කිරීමේ අරමුණ පෙරදැරිව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (31) මධ්‍යහනේ කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම්හී ඉදිකරමින් පවතින කොවිඩ් රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.


‘මෙම තීරණාත්මක අවස්ථාවේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මැදිහත්වන්නේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා ගනු ලබන පියවරයන් වෙනුවෙන් යැයි’ යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය

2020-10-16

“රටේ වෙනත් ප්‍රදේශවලට කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා මෙම තීරණාත්මක අවස්ථාවේදී වෛරසය ආසාදිතයින් හෝ ඔවුන්ගේ ආශ්‍රීතයන් අදාළ ප්‍රදේශවල සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යමින් මහජනතාව වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් තවදුරටත් මහජනතාව වෙත වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් කඩිනමින් ක්‍රියා කරන අතරම මහජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහාද ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යොදවනු ලබන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (16) පස්වරුවේ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ පැවැති සාකච්ඡාවකදී පැවසීය.


පොලිස් බල ප්‍රදේශ පදනම් කර ගනිමින් හුදෙකලා කිරීම වඩාත් සාර්ථක ක්‍රමවේදයක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පාර්ශවකරුවෝ නිර්දේශ කරති

2020-10-12

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තවත් විශේෂ සාකච්ඡාවක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් සහ එම මධ්‍යස්ථානයේ කමිටු ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි එම මධ්‍යස්ථානයේදී අද (12) දින පැවැත්විණි.


යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපාය මාර්ගික සැලැස්මේ’ පළමු කෙටුම්පත විශ්‍රාමික යුද්ධ හමුදාධිපතිවරුන් වෙතට

2020-10-08

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනස්වන බහුවිධ හා ගෝලීය තර්ජනයන් සහ නිරන්තරයෙන් සිදුවන වෙනස්වීම් හඳුනාගනිමින්, ඒවාට අනුවර්තනය වීමේ අවශ්‍යතාව මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත සකස් කල ‘2020-2025 ඉදිරි උපාය මාර්ගික සැලසුමේ’ පළමු කෙටුම්පත බ්‍රහස්පතින්දා (08) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් වෙත ඉදිරිපත් කරන ලදී.


71 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී ආශීර්වාද සර්ව රාත්‍රික ‘පිරිත් සජ්ඣායනයක්’ සහ ‘සංඝගත දක්‍ෂිණාවක්’ පිරිනැමෙයි

2020-10-02

ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදෙන 71 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් සෑම වසරක් පුරාවටම යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන සාම්ප්‍රදායික බෞද්ධ ආගමික අංගයක් වන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය...


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත්පැතීමේ ආශිර්වාද පිංකම ජය ශ්‍රී මහා බෝ සමිදු අභියසදී

2020-09-30

ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදි තිබෙන 71 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන්ට සෙත්පතමින් සිදුකරනු ලැබූ දෙවැනි ආගමික උත්සවය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභිමුවදී අද (30) දින උදෑසන පැවැත්විණි.


71 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව පැවති ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවන් දළදා සමිදුන් ඉදිරියේදී පැවැත්වෙයි

2020-09-28

71 වන සංවත්සරයට සමගාමීව සියලුම යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආගමික උත්සවයක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (28) දින උදෑසන මහනුවර ශ්‍රී දලදා මාලිගාවේදී යුද්ධ හමුදා නිලධාරීන්, සෙසුනිලයින් හා සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.


‘ලෝක සංචාරක දිනය’ සැමරීමේ සමුළුවෙහි ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ට ඇරයුම්

2020-09-27

එක්සත් ජාතින්ගේ ලෝක සංචාරක දින නිල සැමරුමට සමගාමීව වෙළඳ හා සංචාරක දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් උපාය මාර්ගික සංගමය සහ සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සමඟ එක්ව අඛණ්ඩව 7 වන වරටත් පවත්වනු ලබන ජාත්‍යන්තර සංචාරක නායකයින්ගේ සමුළුව සහ සංචාරක පර්යේෂණ සම්මන්ත්‍රණය අද (27) දින මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’ (Kandy City Center) පරිශ්‍රයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන දේශනය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සිදු කළේය.


2020 යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟාවලිය යුද්ධ හමුදා මූලස්ථානයෙන් ඇරඹේ

2020-09-26

2020 යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟාවලියේ සමාරම්භය මෙවර ඉතා නැවුම් මුහුණුවරකින් යුතුව යුද්ධ හමුදා මූලස්ථානය අභියසදී අද, එනම් සෙනසුරාදා (26) දින ඉතා උද්යෝගීමත් අයුරින් පැවැත් වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.


ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අභිනවයෙන් ඉදිකළ ක්‍රීඩාපිටිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

2020-09-18

වැහැර පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු රෙජිමේන්තු මුලස්ථානයට ආසන්නයේ හෙරලියාවල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු මුලස්ථාන බළඇණි පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ක්‍රීඩාංගණය අද (18) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.