මුල් පුවත්

Clear

සැබෑ නායකත්ව ගති ලක්ෂණ පිළිබිඹු කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ්-19 එන්නත ලබාගනි

2021-03-06

සැබෑ නායකත්ව ගුණය ලොවටම විඳහාපාමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (06) දින යුද්ධ හමුදා රෝහලේදි සිය කොවිඩ්-19 එන්නත ලබාගත්හ. දිවයින පුරා කොවිඩ්-19 වෛරසය වැළැක්වීම සඳහා කැපවී සේවය කරන හමුදා සාමාජිකයන් 63,000 කට අධික පිරිසකට එන්නත් ලබාදී අවසන් වූ පසු යුද්ධ හමුදාධිපති ශවේන්ද්‍ර සිල්වා සිය එන්නත ලබාගැනීම ද විශේෂත්වයකි.


ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානි, ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සමඟ සුහද හමුවක්

2021-03-04

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි, එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං භදූරියා (Rakesh Kumar Singh Bhadauria) ශ්‍රී ලංකාවේ සිව් දින සුහද සංචාරයක නිරත විය. සංචාරයේ නිරත ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි අද (04) උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහද පිළිසඳරක නිරත වූයේය.


යුද්ධ හමුදාවේ දක්‍ෂතම වෙඩික්කරුවන් හට සම්මාන පිරිනැමීම දියතලාවේදී

2021-02-26

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලියේදී 2021 වසරේ ජයගත් ක්‍රීඩකයින් හට සම්මාන පිරිනැමීමේ උත්සවය දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් (25) දින පැවැත්විණි.


“අප සියලුදෙනා ජාතික කර්තව්‍යයකට කැප වී සිටින්නෙමු. එහිදී, ඔබගේ කැපවීම ප්‍රශංසනීයයි” කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සේවය අගයයි

2021-02-20

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කාර්යභාරය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සමඟින් උරෙන් උර ගැටී වෙහෙසෙන මහජන පරික්‍ෂකවරුන්ගේ කැපවීම, සුවිශේෂි කාර්යභාරය මෙන්ම බිම් මට්ටමේ සිට මහජනයාට කරන සේවය කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පසුගිය (20) දා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැසසුමට ලක්කරන ලදී.


යුද්ධ හමුදාධිපතිතුමන් දිස්ත්‍රික් ‘රණවිරු’ සංගම් සම්බන්ධිකාරක නිලධාරීන් අමතයි

2021-02-18

රණවිරු සේවා අධ්‍යක්‍ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව, දිවයින පුරා පරිපාලන දිස්ත්‍රික් 22 ක ස්ථාපිත ‘රණවිරු’ සංගම් සම්බන්ධිකාරක නිලධාරීන් ඇතුළු එම ප්‍රදේශයන්හි සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන් සහ ආරක්‍ෂක සේනා මුලස්ථාන නියෝජනය කරමින් නිලධාරින් 100 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් අද (18) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ.


ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 2020 උපාධි ප්‍රදානෝත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

2021-02-17

ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ උසස් අධ්‍යයන ආයතනයක් වන ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 31 වන උපාධි ප්‍රදානොත්සවය පසුගිය අඟහරුවාදා (16) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.


පුංචි ලෝකාන්තයේ යුද්ධ හමුදා සෙබලුන් කල වික්‍රමාන්විත මෙහෙයුම යුද්ධ හමුදාධිපතිගේ ඇගයුමට

2021-02-15

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදහන් වූ 35 හැවිරිදි ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියා සොයා අභියෝගාත්මක මෙහෙයුමක නියැලුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා සෙබලුන්ගේ වික්‍රමාන්විතභාවය කැපවීම, නොපසුබට උත්සහය හා පැවරුණු කාර්යක් නොපිරිහෙලා ඉටු කිරීමේ ගුණාංගය අගයමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද අඟහරුවාදා (15) දින මෙම මෙහෙයුමට සහභාගී වූ සෙබළුන්ගෙන් කොටසක් යුද්ධ හමුදා මූලස්ථානයට කැඳවා සංකේතාත්මකව ඇගයීම් සහතික හා සම්මාන පිරිනැමුවේය.


කොවිඩ්-19 වසංගතය රටින් තුරන් කිරීම සඳහා සෝමාවති පූජා භූමියේදී ආශීර්වාදාත්මක විශේෂ කප්රුක් පූජාවක් පවත්වයි

2021-02-14

කොවිඩ්-19 වසංගත තත්ත්වය මෙරටින් තුරන් කිරීම සඳහා උදාරතර මෙහෙයක් සිදුකරනු ලබන අතිගුරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි ඉටු කරනු කාර්ය මණ්ඩලයටත් ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයන් ඇතුළු සියළු පුද්ගලයින්ට ආශීර්වාද පතා මහා සංඝරත්නයේ සංවිධානයෙන් හා මූලිකත්වයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සහභාගීත්වයෙන් විශේෂ කප්රුක් පූජාවක් ඓතිහාසික සෝමාවතිය පුද බිමේදී ඉකුත් සෙනසුරාදා (13) දින පවත්වන ලදී.


අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් 'දීඝවාපිය' ස්ථූපය ප්‍රතිසංස්කරණ කිරිම සඳහා අරමුදලක් ආරම්භ කරයි

2021-02-12

නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික 'දීඝවාපිය' මහා සෑය ප්‍රතිසංස්කරණය කිරිමේ අරමුදල පිහිටුවීමේ සමාරම්භක අවස්ථාව අද (12) දින උදෑසන කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ දී ආරම්භ විය. ආරක්ෂක ලේකම් සහ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ නැගෙනහිර පළාත් පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා, භික්ෂූන් වහන්සේලා, ජනාධිපති උපදේශකයින්, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, ලේකම්වරුන් රැසක් මෙන්ම මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සම්බන්ධව කටයුතු කරනු ලබන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමගින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ තාක්‍ෂණික විශේෂඥ නියෝජිත කණ්ඩායමක් ද මේ සඳහා සහභාගී වූහ.


ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ ‘Diner's Club’ සැසියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ගැටළු පිළිබඳ සාකච්ඡා කරයි

2021-02-09

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අධ්‍යනය පිළිබඳ ප්‍රමුඛතම ආයතනය වන ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය නුඳුරේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම ‘Diner's Club’ සැසිවාරය ඉකුත් සඳුදා (08) දින කොළඹ, රන්ගල ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේදී පැවැත්විණි.