මුල් පුවත්

Clear

ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ නායක යුද්ධ හමුදාවේ සැරයන් දිනේෂ් ප්‍රියන්තට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම්

2021-08-20

ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජපානයේදී අගෝස්තු මස 24 දින සිට සැප්තැම්බර් මස 5 දින දක්වා පැවැත්වීමට නියමිත ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලිය - 2020 සඳහා සහභාගිවීමට නියමිතව ඇත. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ක්‍රීඩකයින් 7 දෙනෙකු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් මෙවර තරඟාවලියට සහභාගි වේ.


බස්නාහිර පළාතේ ජනාකීර්ණ ප්‍රදේශ ආවරණය කරමින් යුද්ධ හමුදා ජංගම එන්නත්කරණ වැඩසටහන දියත් කරයි

2021-08-12

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලය, සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය හා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ බ්‍රිගේඩියර් චන්දන අරංගල සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව බස්නාහිර පළාත...


හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් මූල්‍යමය දිරිගැන්වීම්

2021-08-07

ලොව අන් කිසිදු හමුදාවකට සමකළ නොහැකි පෙර නොවූ විරුවන් වන ශ්‍රී ලාංකීය රණවිරුවන්ගේ පරාර්ථකාමී බව, සහෝදරත්වය සහ අන්‍යෝන්‍යය සුහදත්වය තවදුරටත් ලොවට පිළිබිඹු කරමින් ජනාධිපති සමාව මත නිදහස ලබා සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 15 දෙනෙකුට ස්වයං රැකියාවක නියැලී තම ජීවනෝපාය මාර්ගයන් සකස් කරගැනීම සහ ශ්‍රී ලාංකීය පුරවැසියෙකු වශයෙන් නීතිගරුකව ජීවනෝපාය සිදුකරගෙන යාමට මූලික අඩිතාලම සකස් කරදීමේ අරමුණින් ඔවුන් වෙත මූල්‍යමය පරිත්‍යාගයන් පිරිනැමූහ.


ගුවන් සංක්‍රමික සෙබළුන් 200 ක් විසිරයයි

2021-07-28

53 වන සේනාංකය යටතේ නිකවැව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ පාඨමාලා අංක 23 යටතේ සාර්ථකව පුහුණුව අවසන් කළ නිලධාරින් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 196 දෙනෙකු විසිරයාමෙන් අනතුරුව අතිරේක ප්‍රහාරක බලකායට අනුයුක්ත කෙරිණි. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති මෙම විසිරයාමේ පෙළපාලිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාජිකයන් සඳහා දියතලාවේ නව නිවාඩු නිකේතනයක්

2021-07-18

දියතලාවේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල අයවළුන් සඳහා නවතමයෙන් ඉදිකළ ‘Mech Breeze’ නිවාඩු නිකේතනය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරල් සේන වඩුගේ කරන ලද ආරාධනයකට අනුව පසුගිය සෙනසුරාදා (17) දින එම අවස්ථාවට...


ඔලිම්පික් තරඟාවලියට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සභාපතිතුමන්ගේ සුභපැතුම්

2021-07-10

එළඹෙන ජූලි මස 23 දින සිට අගෝස්තු මස 8 දින දක්වා ජපානයේ, ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 32 වන ඔලිම්පික් තරඟාවලිය - 2020 සඳහා විනිසුරුවරයෙකු ලෙස සහභාගිවන පළමු යුද්ධ හමුදා නිලධාරී සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (09) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.


යුද්ධ හමුදා ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථාන වැඩපිළිවෙළ සාර්ථකයි - මහජනතාවගෙන් පැසසුම්

2021-07-05

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි පුරවැසියන්ට එන්නත ලබා දීම සඳහා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථානවල රාජකාරි සඳහා යොදවා සිටින යුද්ධ හමුදා භටපිරිස් දිරිගැන්වීමේ අරමුණින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (5) දින බත්තරමුල්ල දියත උයනේදී යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය. යුද හමුදා සේවා වනිතා ඒකකය (ASVU) මෙම ප්‍රජා එන්නත්කරණ වැඩසටහනට පහසුකම් සපයයි.


‘ජාත්‍යන්තර යෝග දිනයට’ සමගාමීව යුද්ධ හමුදා මූලස්ථානයේදී යෝගා වැඩසටහනක්

2021-06-21

7 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබු උත්සවයක් අද (21) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත් විය. මෙම යෝගා වැඩසටහන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (21) දින උදෑසන පැවත්වූ අතර, යෝගා වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම Zoom වීඩියෝ සම්මන්ත්‍රණ මාධ්‍ය ඔස්සේ ආගමික ආශීර්වාද සිදුකරන ලදී.


“යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා සිටින්නේ සෞඛ්‍ය සේවකයින්ට සහායවීමට මිස කිසිදු මැදිහත්වීමකට නොවන බව” කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි.

2021-06-12

“කොවිඩ්-19 පාලන කටයුතු සඳහා සෞඛ්‍ය සේවකයින්ට සහාය වීමට යුද්ධ හමුදාව යොදවා සිටින්නේ යුද්ධ හමුදාවේ ධාරිතාව, හැකියාව සහ වෘත්තීය නිපුණත්වය පිළිබඳ හොදින් දන්නා අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත බවත්, එය සෞඛ්‍ය කටයුතුවලට පුර්ණ වශයෙන් සහයෝගය ලබාදීමක් පමණක් බවත්”කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.


මාතෘ හා ළමා සෞඛ්‍ය විශේෂඥයින් සීදුවේ ස්ථාපිත කරන ලද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මාතෘ හා ළමා ඒකකයේ පහසුකම් පිළිබඳව සාකච්ඡා කරයි

2021-05-25

මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයින් වන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය එච්.එස්.ආර් පෙරේරා මහත්මිය, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය චිත්‍රාමලි ද සිල්වා මහත්මිය, ළමා දෛව්‍ය විශේෂඥයින් වන වෛද්‍ය මහාචාර්ය සමන්ත රජින්ද්‍රජිත් මහතා, වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සනත් ලැන්රෝල් මහතා ඇතුලු පිරිස ඉකුත් සදුදා (24) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. එහිදි යුද්ධ හමුදාව විසින් සීදුව ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛරසය ආසාදිත මාතෘ හා ළමා රෝගීන් සඳහා ඇති පහසුකම් පිළිබඳ කරුණු සාකච්ඡා කළේය.