මුල් පුවත්

Clear

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ පූර්ණ දායකත්වයෙන් ඉදිකළ මෙරට විශාලතම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය කොවිඩ්-19 වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කටයුතු සඳහා සුදානම්

2021-05-19

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ පූර්ණ දායකත්වයෙන් සීදූවේ ස්ථාපනය කරන ලද ඇඳන් 1200 කින් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18) දින සන්ධ්‍යාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් නිරීක්‍ෂනය කරන ලදී.


ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රයෝජනය සඳහා ඇඳන් 10,000 ක් ලබාදී ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

2021-05-04

කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ තවත් සාකච්ඡාවක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද (04) දින රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණි.


කොවිඩ් - 19 රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මාධ්‍ය වගකීම පිළිබඳ සාකච්ඡා කිරීමට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි මාධ්‍ය ප්‍රධානීන් කැඳවයි

2021-04-29

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය ප්‍රධානීන් කැඳවා බ්‍රහස්පතින්දා (29) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේය. එහිදී, රට දැඩි ලෙස වෛරසයට ගොදුරු වෙමින් පවතින මෙම අවස්ථාවේදී වාද බේද නොතකා එය පරාජය කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙළගැසෙන ලෙස කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී මාධ්‍ය වෙත කියා සිටියේය.


මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා තවත් හමුදා කණ්ඩායමක් දිවයිනෙන් පිටව යයි

2021-04-21

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩය (Combat Convoy Company) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සුභපැතුම් මධ්‍යයේඅද (21) දින උදෑසනදිවයිනෙන් පිටත්වූහ.


අලුත් අවුරුදු තේපැන් සංග්‍රහයේදී යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සේවය අගයයි

2021-04-20

සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේ රාජකාරි කරන හමුදා සාමාජිකයින් හා සිවිල් කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් සාම්ප්‍රදානුකූලව පිලියෙළ කරන ලද තේපැන් සංග්‍රහයක් අද (20) දින උදෑසන පැවැත්විණි.


ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි යාපනය ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත අවුරුදු සුභපැතුම් පිරිනමයි

2021-04-12

යාපනයේ සේවය කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා යාපනය අර්ධද්වීපයේ වෙසෙන මහජනතාවට සිංහල හා දමිළ අලුත් අවුරුද්දට පෙර සුභපැතුම් එක්කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳුදා (12) දින යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූයේය. උත්සව සමයේදී සිය පවුලේ සාමාජිකයින්ගෙන් වෙන්ව කඳවුරු තුළ රාජකාරි වල නිරත හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවකයින් අමතා...


යුද්ධ හමුදාධිපති කූරගල ලෙන් විහාරයේ සංචාරයක

2021-04-11

දිගු කාලයක් පුරාවට විවිධ ජනකොටස් අතර කතාබහට ලක්ව ඇති බලංගොඩ පූරගල රජමහා විහාරය හෙවත් කූරගල ලෙන් විහාරය නව මුහුණුවරකින් යලි ගොඩනැඟීමේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය දා එම විහාරස්ථානයේ සංචාරයක නිරත වූයේය. විවිධ ජන කොටස්වල අවධානය යොමුවී ඇති මෙම විහාරස්ථානය සහ එම ස්ථානය සෑම ජන කොටසකගේම දායකත්වය ඇතිව බෞද්ධ විහාරස්ථානයක් වශයෙන් ප්‍රතිසංස්කරණය...


ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සහ සුනඛ හැසීරවීමේ පාඨමාලාව සාර්ථකව හැදෑරු තවත් කමාන්ඩෝ භටයින් පිරිසක් විසිරයති

2021-04-08

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට තවත් අභිමානයක් එක්කරමින්, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ හා ප්‍රථිත්‍රස්ත පාඨමාලා අංක 28 සාර්ථකව හැදෑරු කමාන්ඩෝ භටයින් 56 දෙනෙකු සහ උසස් සටන් සුනඛ පාඨමාලා අංක - 09 සාර්ථකව හැදෑරු කමාන්ඩෝ භටයින් 32 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය බදාදා (07) දින සන්ධ්‍යාවේ ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.


යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පාකිස්තාන ජනාධිපති ද්වීපාර්ශ්වික සම්බන්ධතාවල වැදගත්කම අවධාරණය කරයි

2021-03-20

පාකිස්තාන යුද්ධ හමුදාධිපති ජෙනරල් ජාවඩ් බජ්වා (Javed Bajwa) ගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස පාකිස්තානු ජාතික දින සැමරුම මෙන්ම ජාතික ත්‍රිවිධ හමුදා උත්තමාචාර දිනය වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය (19) දින පාකිස්තානය වෙත ගියේය. සංචාරයේ නිරත ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි (Arif Alvi) අතර සුහද හමුවක් ද එරට ජනාධිපති මන්දිරයේදී පවත්වන ලදී.


‘Shake Hands - 1’ යුද අභ්‍යාසය පාකිස්තාන හමුදාව සමඟ සාලියපුරදී ඇරඹේ

2021-03-17

'අභ්‍යන්තර ආරක්‍ෂාව සහ ප්‍රති විප්ලවවාදී යුද උපක්‍රම’ පිළිබඳ නවීනතම යුද අභ්‍යාසය වන ‘Shake Hands - 1’ යුද අභ්‍යාසය බහුවිධ කුසලතා සහිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ පකිස්තාන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (17) දින උදෑසන සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් සංකල්පීය මඟපෙන්වීම මත මෙම අභ්‍යාසය ද්වීපාර්ශවීය පුහුණු වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලදී.