මුල් පුවත්
උසස්වීම් ලද මේජර් ජෙනරල්වරුන්ට යුද්ධ හමුදාධිපතිතුමන් නිල ලාංඡන පළඳවයි

73 වන නිදහස් දිනයට සමගාමීව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත නිල ලාංජන පැළදවීම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් අද (05) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී සිදුකෙරිණි. මෙහිදී, මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරී 12 දෙනෙකුට නිල ලාංඡන පැළදවිය.
73 වන ජාතික නිදහස් දිනය මහත් අභිමානයෙන් යුතුව උත්සවශ්‍රියෙන් සමරයි

‘ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්’ යන තේමාව පෙරදැරීව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව, ආර්ථික සංවර්ධනය, සංහිඳියාව සහ සාමකාමී සහජීවනය ශක්තිමත් කිරීම සඳහා වූ කැපවීම යළිත් තහවුරු කරමින් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (4) දින කොළඹ 7 පිහිටි ඓතිහාසික නිදහස් චතුරශ්‍රය අභිමුවදී මහත් අභිමානවත් අයුරින් හා උත්සවශ්‍රියෙන් පැවැත්විණි.
ආරක්‍ෂක ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක සේවා විද්‍යාලයේ පැවැති උත්සවයකදී විශ්‍රාමික නිලධාරීන්ට නව නිල ඇඳුමක් හඳුන්වාදෙයි

'සොල්දාදුවෙකු' ජීවිත කාලය පුරාවටම සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වන අතරම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික විරෝදාර රණවිරුවන්ගේ වෘත්තීමය ප්‍රතිරූපය, පෙනුම සහ ගෞරවය තවතවත් නිරූපණය කරමින් සුවිශේෂී ලෙස නිර්මාණය කරන ලද නව නිල ඇඳුමක් ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික සියලුම විරෝදාර රණවිරුවන් වෙනුවෙන් හඳුන්වාදී ඇත.
ඉන්දියානු රජයෙන් මෙරටට පරිත්‍යාග කරනු ලැබූ කොවිඩ් - 19 එන්නත් තොගය අතිගරු ජනාධිපතිතුමන් විසින් පිළිගනී

ඉන්දීය රජය විසින් ප්‍රදානය කළ කොවිඩ් මර්ධන එන්නත් පළමු තොගය ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද (28) දින පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායන ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබිණ.
6 වන Silk Sports Award-2020 - ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කළ දායකත්වයට පිදෙන විශිෂ්ටතා සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

SPORTSINFO විසින් සංවිධානය කරන ලද 6 වන Silk Sports Award-2020 වෙතින් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිදුකරනු ලැබු දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශිෂ්ටතා සම්මානයකින් පිදුම් ලැබීය. එම සම්මාන ලබාදීමේ උළෙල ඉකුත් සිකුරාදා (22) දින පැවැත්විය.මෙම අවස්ථාව සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ලබාදීම වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළේය. එසේම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් බිහිකර ඇති බවත් ඔලිම්පික් ක්‍රීඩා උළලේදී පවා ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා දීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ බව ද එහිදි සිහිපත් කළේය.
සන්නද්ධ බුද්ධි බලකා පුහුණු පාසල් පරිශ්‍රයේ ඉදිකල නව ගොඩනැගිලි සංකීර්ණය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

කරන්දෙණියේ පිහිටි සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මුලස්ථානයේ නව යටිතල පහසුකම් සංවර්ධනය කරමින් බුද්ධි පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රධාන ගොඩනැගිල්ල අද (15) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.
අයතා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශවකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙසත් අල්ලස්දීමෙන් වලකින ලෙසත් නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල්හිමියන්ට යුද්ධ හමුදාධිපති දැනුම්දෙයි

විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයතා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශවකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙසත් අල්ලස්දීමෙන් වලකින ලෙසත් නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල්හිමියන්ට යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.
ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය වෙනුවෙන් නව යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය ස්ථාපිත කෙරේ

අතිගරු ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජාතිය ගොඩනැගීමේ කාර්යභාර්ය යථාර්තයක් බවට පත් කරමින්, රටේ කෘෂිකර්මික අංශය නව මඟකට ගෙනයන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් බ්‍රහස්පතින්දා (07) දින නව කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය ස්ථාපිත කරන ලදී.
දශක අටකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා සංඥා බලකායේ ඉතිහාස ග්‍රන්ථය දොරට වඩි

දශක අටකට ආසන්න ඉතිහාසයකට උරුම කම් කියන ශ්‍රී ලංකා සංඥා බලකායේ ඉතිහාසය ලියවුණු ‘නිහඬ වීරයන්’ ග්‍රන්ථය එළිදැක්මේ උත්සවය බදාදා (06) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැති අතර එම ග්‍රන්ථයේ නව පිටපත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පිළිගැන්විය.
ප්‍රමාදයකින් හා අක්‍රමිකතාවයකින් තොරව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය නව රියදුරු බලපත්‍ර මුද්‍රණය අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර අද (01) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ජාතික රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. එම අවබෝධතා ගිවිසුමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අත්සන් තැබුහ.