මුල් පුවත්
‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ශක්තිමත් කිරීමේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකාය ඇරඹේ

අතිරේක ප්‍රහාරක සේනාංක සහ විශේෂ ක්‍රියාන්විත බලකාවලින් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ගේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ප්‍රතිපත්තියට සමගාමීව ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ සමාරම්භය අද (17) දින උදෑසන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී සනිටුහන් විය.
‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය තුළින් ශක්තිය හා මිත්‍රත්වය ඉහළ නංවන බව මාදුරුඔයේදී පැවැති අවසන් ප්‍රහාරය දැක බලාගැනීම සඳහා එක්වු ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි පවසයි

ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර පවත්නා සුහදත්වය සහ සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වු 8 වන මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද පුහුණු අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය සිකුරාදා (15) දින උදෑසන මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නගරබඳ සටන් පුහුණු පෙදෙසේ දී පැවැත්විණි.
ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර මධ්‍යයේ මහත් හරසරින් යුතුව පිළිගැනේ

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී බදාදා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර එතුමන් හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර මධ්‍යයේ යුද්ධ හමුදා මූලස්ථානය වෙත පිළගනු ලැබීය.
අභීත රණශුරයින් යුද්ධ හමුදා 72 වන සංවත්සර දිනය අභිමානවත්ව සමරති

නිර්භීතභාවය, විනය, පක්‍ෂපාතිත්වය සහ විශිෂ්ඨ කුසලතාවයන්ගෙන් පරිපූර්ණව රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කරනු ලබන ජාතියේ ආරක්‍ෂකයා ලෙස රට වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාඩම්බර 72 වන සංවත්සරය අද (10) දිනට යෙදී තිබේ.
සම්ප්‍රදායික සිරිත් විරිත් වලට අනුකූලව ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අභියසදී යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කෙරේ

72 වන යුද හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව පවත්වනු ලබන යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ වැඩසටහන් මාලාවේ සමාප්තිය සනිටුහන් කරමින් අද (09) දින උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සම්ප්‍රදායික ‘හේවිසි’ සහ ‘මඟුල් බෙර’ වාදනය මධ්‍යයේ ආශිර්වාද පූජාවක් පැවති අතර එම අවස්ථාව සඳහා නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගී වූහ.
දියකාවා යුද අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය කුඹුරුපිඩ්ඩි වෙරළ තීරයේදී

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 11 වන වරටත් සංවිධානය කරනු ලැබු ‘දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසයේ’ අවසන් ප්‍රහාරය විශේෂ ක්‍රියාන්විත හා යුධ උපක්‍රම භාවිතා කරමින් සැප්තැම්බර් මස (29) දින මධ්‍යහනේ ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේදී දියත් කෙරිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර සැමරුමට ආශීර්වාද එක් කිරීමේ ආගමික වතාවත් ශ්‍රී දළදා මාලිගාවේදී ඇරඹේ

‘ජාතියේ ආරක්‍ෂකයින්’ ලෙස ඉමහත් ප්‍රශාංසාවට සහ ගෞරවාදරයට පත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරයට (ඔක්තේබර් මස 10 දින) ආශිර්වාද එක් කිරිමේ සහ ධජයන්ට සෙත් පැතීමේ සමාරම්භක ආගමික උත්සවය ඉකුත් සඳුදා (27) දින සන්ධ්‍යාවේ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික, පාරිභෝගික සහ උද්දේසික යන ධාතූන් වහන්සේලා බැතිමතුන්ට වන්දනාමාන කිරීම උදෙසා තැන්පත් කර ඇති ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අභිනවයෙන් ඉදිකළ නවීන පහසුකම් වලින් සමන්විත කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරේ

බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නවීන පහසුකම් වලින් යුත් මහල් පහකින් සමන්විත නව කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය අද (23) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.
විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකල සුභසාධන පහසුකම් රැසක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල නව ගොඩනැගිලි සංකීර්ණය සහ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය අද (05) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති මෙන්ම විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ස්ථාපනය කල වාට්ටු සංකීර්ණය දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ බලධාරින් වෙත භාරදෙයි

දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ දැනට පවතින වාට්ටු ප්‍රමාණය වැඩිකිරීමේ අරමුණින් සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව යුද්ධ හමුදා භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් එම රෝහලේ මහල් අටකින් සමන්විත ගොඩනැගිල්ලේ තවත් වාට්ටු තුනක් ස්ථාපනය කරන ලදී.