මුල් පුවත්
භටකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරී පාඨමාලාව හැදෑරු දේශීය සහ විදේශීය උපාධිධාරින් විසිරයති

පුරා වසරක කාලයක් ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) දී පැවති භටකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 07 සාර්ථකව හැදෑරු නේපාලයේ සහ බංගලාදේශයේ හමුදා නිලධාරීන් දෙදෙනෙකු, නාවික හමුදා නිලධාරින් දෙදෙනෙකු, ගුවන් හමුදා නිලධාරීයෙකු සමගින් නිලධාරීන් 26 දෙනෙකු අද (27) දින ත්‍රීකුණාමලයේ නාවික හමුදා විද්‍යාපීඨයේදී පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී විසිර ගියහ.
57 වැනි යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය 2020-2021, උත්කර්ෂවත් අයුරින් නිමාවේ

නුදුරු අනාගතයේදී තවත් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසකට බලාපොරොත්තු දල්වමින් අද (26) සන්ධ්‍යාවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ‘57 වැනි යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය 2020-2021’ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සිදුකරනු ලබන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි ඉංජිනේරු හමුදා ප්‍රධානී ගේ පැසසුමට

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් කඩිනම් කිරීම සඳහා අවැසි උසස් තාක්‍ෂණික දැනුම සහ මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාවට සපැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි ඉංජිනේරු හමුදා ප්‍රධානී ලුතිතන් ජෙනරල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි (Lieutenant General Yuri Mikhailovich Stavitsky) ප්‍රමුඛ හමුදා නියෝජිත පිරිස අද (25) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
නව අභියෝගයන්ට මුහුණදීම සඳහා ලොව ප්‍රමුඛ පෙලේ පුහුණු පාඨමාලාවක් හැදෑරු විශේෂ බලකා සෙබළුන් කණ්ඩායමක් විසිරයයි

මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය, දේශයේ ස්වෛරිභාවය මෙන්ම ජාතියේ අභිමානය සුරැකීම උදෙසා විශිෂ්ඨයින් අතර විශිෂ්ඨයින් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායට එක්ව විශේෂ බලකා පුහුණු පාඨමාලා අංක - 51 යටතේ මාස නවයක අති දුෂ්කර පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු නිලධාරින් 7 දෙනෙකු සහ සෙසුනිලයින් 235 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය අද (21) දින මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ දී පැවැත්විණි.
අතිගරු ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තියට ආශිර්වාද එක්කිරීමේ ‘ගිලන්පස සහ ආශීර්වාද පූජාව’ රුවන්වැලි මහා සෑ රඳුන් අභිමුවදී

අතිගරු ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තියට ආශිර්වාද එක්කිරීමේ විශේෂ ‘ගිලන්පස සහ ආශිර්වාද පූජාව’ වැඩමවා වදාළ ත්‍රෛයි නිකායික මහානායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභිමුවදී සිකුරාදා (19) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.
‘සඳහිරු සෑ රඳුන්’ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සහ මහා සංඝරත්නයේ චිරස්තථිය උදෙසා පූජා කෙරේ

මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ විරෝදාර රණවිරුවන් සිහිකිරීම, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට ආශිර්වාද එක් කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීම අරමුණු කරගනිමින් යුද, නාවික හා ගුවන් හමුදා වීරෝදාර සෙබළුන් මෙන්ම පොලිස් හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ශ්‍රමදායකත්වයෙන් රටේ දෙවන උසින් විශාලතම චෛත්‍ය ලෙස අනුරාධපුරයේ ඉදිකළ ‘සඳ හිරු සෑ’ චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ ඉල් පුර පසලොස්වක පොහෝ දින (නොවැම්බර් මස 18) අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ගෞරවනීය උත්සවයකදී ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සහ මහා සංඝරත්නයේ චිරස්තථිය උදෙසා පූජා කරන ලදී.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සුරතින් “ජාතික ආරක්‍ෂක විද්‍යාලය” දැයට දායාද කෙරේ

ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරණ විධායක නිලධාරීන්ට ජාතික ආරක්‍ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් ගාලුපාර, කොළඹ 03 පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයට අයත් දිගු ඉතිහාසයක් ඇති “මුම්ටාස් මහල්” ගොඩනැගිල්ලේ ස්ථාපිත මෙරට ප්‍රථම හා උසස්ම අධ්‍යයන හා පර්යේෂණ ආයතනය වශයෙන් “ජාතික ආරක්‍ෂක විද්‍යාලය” ස්ථාපනය කරන ලදී.
කූරගල රජමහා විහාරයේ ශ්‍රී විභූතිය හා ඓතිහාසික උරුමය පිළිඹිබු කරමින් පැවති ප්‍රථම ‘කඨින’ පූජෝත්සවය

කූරගල ලෙන් විහාරය නමින් ප්‍රචලිත බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික කූරගල රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කර ‘ශාසනයට’ පූජා කිරීමෙන් අනතුරුව පැවැත්වෙන ප්‍රථම ‘කඨින දුශ්‍රය’ පූජා කිරීමේ උත්සවය අද (07) දින උදෑසන පැවැත්විණි. වඩමවා වඳල මහා සංඝරත්නය 200 නමක පමණ සහභාගීත්වයෙන් පැවැති මෙම පූජෝත්සවයට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය ඇතුළු සැදැහැවත් බැතිමතුන් රැසක් සහභාගි වූහ.
සංහිඳියාව සංකේතවත් කරමින් ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානයේ ප්‍රථම ‘කඨින’ පූජාව අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි

දීර්ඝ කාලයක් පූරාවට ගරා වැටෙමින් පැවැති පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් සහිත කූරගල ලෙන් විහාරය නමින් ප්‍රචලිත බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ පිහිටි පූරගල රජමහා විහාරයේ ශ්‍රී විභූතිය හා ඓතිහාසික උරුමය යළි පිළිඹිබු කරමින් එම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කර ‘ශාසනයට’ පූජා කිරීමෙන් පසුව පැවැත්වෙන ප්‍රථම ‘කඨින දුශ්‍රය’ පූජා කිරීමේ උත්සවය නොවැම්බර් මස 6 සහ 7 දෙදින පුරා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි.
ජාතික හා සමාජ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් යාපනයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (03) දින උදෑසන යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත විය. එහිදී, ජාතික හා සාමාජීය වශයෙන් වැදගත් ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරිණි.