27th March 2023 20:01:25 පැය
ගජබා රෙජිමේන්තු ප්රවීණයන්ගේ සංගමයේ වාර්ෂික මහසභා රැස්වීම පසුගිය ඉරිදා (26) දින බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ‘අපේ ගම’ පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එම අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තුවට අභිමානයක් ලබාදුන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ.
23rd March 2023 21:17:07 පැය
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායකතුමන්ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ එම විද්‍යාලයේ අංශ සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 23) දින එම විද්‍යාලයේ සංචාරයක නිරත විය.
23rd March 2023 21:08:13 පැය
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ රාජකාරි සඳහා අතිරේකව සූදානම් කර සිටින ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි බී - 1’ හි ක්‍රියාන්විතයන් සඳහා වන සූදානම පිළිබඳ සොයාබැලීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සහ උපදේශන කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (මාර්තු මස 23) දින ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසල වෙත පැමිණියහ.
22nd March 2023 22:22:00 පැය
ජාත්‍යන්තරව පිළිගත් ‘මානුෂීය බිම් වෙඩි කෙත් නිසැක කිරීමේ පාඨමාලා අංක - 01’ සාර්ථකව අවසන් කළ යුද්ධ හමුදා කාන්තා බලකායේ මානුෂීය බිම් වෙඩිකෙත් නිසැක කිරීමේ කණ්ඩායමේ සාමාජිකාවන් ඉකුත් බදාදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත කැඳවා ඔවුන් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් නිල ලාංඡනය පැළඳවූයේය.
22nd March 2023 22:19:13 පැය
විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් සංස්කරණය කරන ලද තොරතුරු ඇතුළත් ග්‍රන්ථය, විජයබාහු පාබල රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක සහ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් ඉකුත් අඟහරුවාදා (මාර්තු මස 21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත පිළිගන්වන ලදී.
22nd March 2023 22:14:43 පැය
ශීඝ්‍රයෙන් වෙනස් වන තාක්ෂණයත් සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට යා හැකි පරිදි යුද්ධ හමුදාවේ තාක්ෂණික අංශ, පර්යේෂණ සහ සංවර්ධන අංශ තවදුරටත් දියුණු කිරීම සඳහා විශේෂඥ උපදේශන ලබාගැනීමේ සහ ගවේෂණ කටයුතුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එන්.ඩී. ගුණවර්ධන ඇතුළු විද්වතුන් කණ්ඩායමක් ඉකුත් බදාදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණ සුහද සාකච්ඡාවක නිරත වූහ.
21st March 2023 22:45:13 පැය
ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අඟහරුවාදා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූහ.
21st March 2023 17:55:30 පැය
නුදුරේදී ධූරයෙන් නික්ම යන කොළඹ - 3 ප්‍රදේශයේ පිහිටි ජාතික ආරක්ෂක විද්‍යාලයේ හිටපු සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.ඩී. අමල් කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී (විශ්‍රාමික) සිකුරාදා (17) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවූයේය.
21st March 2023 17:54:30 පැය
සම්මාන පෙළපාලියේ අණදෙන නිලධාරිගේ ආරාධනයකට අනුව විසිරයන කමාන්ඩෝ භටයින්ගෙන් සැදුම්ලත් සම්මාන පෙළපාලිය නිරික්ෂණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කමාන්ඩෝ භටයින් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.
16th March 2023 20:49:56 පැය
දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.පී.ආර් වීරකෝන් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී, සිය පවුලේ සාමාජිකයන් සමඟ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින හමුවිය.