27th March 2023 20:01:25 Hours
ගජබා රෙජිමේන්තු ප්‍රවීණයන්ගේ සංගමයේ වාර්ෂික මහසභා රැස්වීම පසුගිය ඉරිදා (26) දින බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ‘අපේ ගම’ පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එම අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තුවට අභිමානයක් ලබාදුන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ.
මෙම අවස්ථාව සඳහා සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී වූ අතර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ද සහභාගී වූහ.
මෙම වාර්ෂික මහසභා රැස්වීමේදී, ගජබා රෙජිමේන්තුවේ ප්‍රවීණයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන ව්‍යාපෘතීන් සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙම මහසභා රැස්වීම අතරතුර, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ සුබසාධන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්‍ෂ ආර්එස්පී විසින් ගජබා රෙජිමේන්තුවේ දැනට පවතින මරණාධාර අරමුදලේ ප්‍රතිලාභ සහ එම රෙජිමේන්තු සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත සුබසාධන ලාභාංශ බෙදාදෙන ‘සුවසහන’ රක්‍ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ හා සබැඳි ගිණුම් මහසභා රැස්වීම හමුවේ ඉදිරිපත් කරනු ලැබූහ.
මෙම සැසිවාරය අතරතුරදී, ගජබා රෙජිමේන්තු ප්‍රවීණයන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ එම සංගමය වෙතින් සිදුකරනු ලබන සුබසාධන ව්‍යාපෘතීන් සඳහා භාවිතා කිරීමට මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකළේය.
ගජබා රෙජිමේන්තු ප්‍රවීණයන්ගේ සංගමයේ ඉදිරි වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කරනු ලැබූ අතර එම සංගමයේ ඉදිරි වසරේ සභාපති ධූරය සඳහා ලුතිනන් ජෙනරල් ජගත් ඩයස් (විශ්‍රාමික) පත්කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තුවේ ප්‍රවීණයන් 300 කට අධික පිරිසක්, ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.