21st March 2023 17:55:30 Hours
නුදුරේදී ධූරයෙන් නික්ම යන කොළඹ - 3 ප්‍රදේශයේ පිහිටි ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ හිටපු සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.ඩී. අමල් කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී (විශ්‍රාමික) සිකුරාදා (17) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවූයේය.
මෙම සුහද හමුව අතරතුරදී, මේජර් ජෙනරල් කේ.ඒ.ඩී. අමල් කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී (විශ්‍රාමික) යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ අපරිමිත සේවයත් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ප්‍රථම සේනාවිධායක ලෙස කරනු ලැබූ සේවයත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ඇගයීමට ලක්විය.
එහිදී, අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් “ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ප්‍රථම සේනාවිධායක ලෙස අවුරුදු පහක සේවා කාලය තුළ දක්‍ෂ මගපෙන්වීම තුලින් ජාතික ආරක්‍ෂක විද්‍යාලය ඉහළටම ඔසවා තබමින් විදේශ රටවලට සමානව හමුදා අධ්‍යාපන වංශකථාව තුළ රටටත් සහ රටේ ත්‍රිවිධ හමුදාවටත් එකසේ ගෞරවයක් ලබාදුන් බව පැවසීය.
මෙම නව ව්‍යාපෘතිය තුලින් විදේශ විනිමය උපයාගත හැකි වන අතර විදෙස් පිරිවැය අවම වීඇති බවත් එහි මඟපෙන්වන්නා වශයෙන් අපගේ සන්නද්ධ හමුදාවන්ට අධ්‍යයන, මෙහෙයුම්, උපායශීලී හෝ වෙනත් ඕනෑම මට්ටමකට අවශ්‍ය සියලු නිර්ණායක සහ බහුවිධ කුසලතා සපුරාලීමට හැකියාව ඇති බව මේජර් ජෙනරල් අමල් කරුණාසේකර ලෝකයට ඔප්පු කළ” බව යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය.
සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නික්ම යන ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායකතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය.
ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්, ශ්‍රී ලංකා පොලිසිය සහ රාජ්‍ය සේවා නිලධාරීන් සඳහා උපාය මාර්ගික අධ්‍යාපනයේ ඉහළම ආයතනය ලෙස ජාතික ආරක්‍ෂක විද්‍යාලය හැඳින්විය හැකි අතර එය ආරක්‍ෂක සේවා පුහුණු ආයතනයක් ලෙස හැඳින්විය ඇත. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සහ ජාතික සංවර්ධනය සහතික කිරීම සඳහා ජාතික ආරක්‍ෂාව, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ රාජ්‍ය ප්‍රතිපත්ති යන ක්ෂේත්‍රවල ඉහළ සුදුසුකම්ලත් උපායමාර්ගික තීරණ ගන්නන් සංවර්ධනය කිරීම මෙම ආයතනයේ මෙහෙවරයි. උපායමාර්ගික චින්තකයින්, උපායමාර්ගික විශ්ලේෂකයින්, තීරණ ගන්නන් සහ උපායමාර්ගික උපදේශකයින් නිර්මාණය කිරීම අරමුණු කරගත් ආයතනයක් වන ජාතික ආරක්‍ෂක විද්‍යාලය ජාතික හා ජාත්‍යන්තර ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් රජයට වෘත්තීය උපදෙස් ලබාදීම සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ කරුණු දැක්වීම ද සිදුකරනු ලබයි.