22nd March 2023 22:22:00 Hours
ජාත්‍යන්තරව පිළිගත් ‘මානුෂීය බිම් වෙඩි කෙත් නිසැක කිරීමේ පාඨමාලා අංක - 01’ සාර්ථකව අවසන් කළ යුද්ධ හමුදා කාන්තා බලකායේ මානුෂීය බිම් වෙඩිකෙත් නිසැක කිරීමේ කණ්ඩායමේ සාමාජිකාවන් ඉකුත් බදාදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත කැඳවා ඔවුන් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් නිල ලාංඡනය පැළඳවූයේය.
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා සහභාගීවීමට අවශ්‍ය සියලු සුදුසුකම් සම්පූර්ණ කර සිටින කාන්තා සෙබලියන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය සුභපැතුම් එක්කළ අතර ලෝක සාමයට සහ මාතෘභූමියේ අභිමානය ඉහළ නැංවීම වෙනුවෙන් ඔවුන් ලබාදෙන දායකත්වය සහ එහි වැදගත්කම පිළිබඳව ද කරුණු අවධාරණය කළේය.
2021 දෙසැම්බර් මාසයේදී බූඔය ඉංජිනේරු බලසේනා මූලස්ථානයේදී සහ යාපනය, මයිලඩි ප්‍රදේශයේ පිහිටි 10 වන ක්ෂේත්‍ර ඉංජිනේරු මූලස්ථානයේදී පැවති මානුෂීය බිම්වෙඩි කෙත් නිසැක කිරීමේ පාඨමාලාව සාර්ථකව හැදෑරූ කාන්තා නිලධාරිනියන් තිදෙනෙකු සහ කාන්තා සෙබලියන් 51 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සංකේතාත්මකව නිල ලාංඡන පලඳවනු ලැබීය.
ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ අධීක්‍ෂණය මත අවසන් අදියර සඳහා පෙනී සිටීමෙන් පසු මෙම කණ්ඩායම ක්‍ෂේත්‍ර මෙහෙයුම් ඇතුළත්ව පවත්වනු ලැබු බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාවේ අවසන් අදියර සඳහා මේ වසර ආරම්භයේදී සහභාගී වූහ.
උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තාගේ පැමිණීමෙන් අනතුරුව උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් පිළිගැනීමේ කථාව පැවැත්විණි. පසුව, යුද්ධ හමුදාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යභාරය, පුහුණු සැසි, ප්‍රතිසාධනය සහ දැනට ක්‍රියාත්මක බිම්බෝම්බ ඉවත්කිරීමේ වැඩසටහන් වැනි කාර්යභාරයන් සබැඳිව නිර්මාණය කරනු ලැබූ කෙටි වීඩියෝපටයක් ප්‍රදර්ශනය කරනු ලැබීය.
පාඨමාලාව හැදෑරු කාන්තා සෙබළියන් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ ශ්‍රී ලංකා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් සංකේතාත්මකව නිල ලාංඡන පළඳවනු ලැබූහ.
පාඨමාලාව සඳහා සහභාගී වූ මානුෂීය බිම් වෙඩිකෙත් නිසැක කිරීමේ කණ්ඩායමේ සාමාජිකාවන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වෙමින් යුද්ධ හමුදාධිපතිතුමන් පාඨමාලාව නියමිත කාලසීමාව තුළ අවසන් කිරීම සඳහා ඔවුන් දැක්වූ ධෛර්යය ප්‍රශංසාවට ලක්කළ අතර අධිෂ්ඨානශීලීව සහ නිර්භීතව අභියෝග සඳහා මුහුණදීම වෙනුවෙන් සිය සුබපැතුම් ද පිරිනැමීය. අනාගතයේ දී ජාත්‍යන්තරය සඳහා ශ්‍රී ලංකාව තුළ බිම්බෝම්බ ඉවත් කරන්නන් ලෙස ඔවුන් ලබාදෙන දායකත්වය යුද හමුදා ඉතිහාසයට එක්වන බවත් ජාත්‍යන්තර ප්‍රශංසාව ගෙන දෙමින් ශ්‍රී ලංකාව බැබළවීමට මෙම සාමාජිකාවන් කටයුතු කරන බවත් එහිදී සිහිපත් කෙරිණි.
උත්සවය සමාප්තියේ මානුෂීය බිම් වෙඩිකෙත් නිසැක කිරීමේ කණ්ඩායමේ සාමාජිකාවක් විසින් ස්තූති කථාව සිදුකරනු ලැබීය. යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
කාන්තා බිම්බෝම්බ ඉවත් කරන්නන් සඳහා වූ බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව සම්පූර්ණ කළ කාන්තා නිලධාරිනියන් තිදෙනෙක් සහ සෙසුනිලයන් 51 දෙනෙක් මේ වනවිට යාපනය, මයිලඩි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරන ප්‍රදේශයේ එම කටයුතුවල නිරතව සිටිති. අනාගතයේදී, එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි බිම්බෝම්බ ඉවත් කිරීමේ අත්දැකීම් හා දැනුම ලබාගැනීම සහ එය වර්ධනය කරගැනීම සඳහා පිරිමි සොල්දාදුවන් සමඟ කටයුතු කිරීමේ අවස්ථාව ඔවුන් වෙත හිමිවේ.
ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු, මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ අධීක්‍ෂණය මත වසරකට අධික කාලසීමාවක් පුරාවට පැවති මෙම පාඨමාලාවේ ප්‍රථම අදියර 2021 දෙසැම්බර් මස 30 දින බූඔය ඉංජිනේරු බලසේනා මූලස්ථානයේදී ආරම්භ වූ අතර 2022 ජූනි මස 6 දින යාපනය, මයිලඩි ප්‍රදේශයේ පිහිටි 10 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකා මූලස්ථානයේදී පාඨමාලාවේ දෙවන අදියර ආරම්භ කෙරිණි.
යුද්ධ හමුදාව තුලින් පුහුණුව ලැබූ බිම්බෝම්බ ඉවත් කරන්නන් 54 දෙනෙකු මීට සති කිහිපයකට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාවන් සඳහා විශේෂ පරිච්ඡේදයක් එක් කරමින් ප්‍රවීණතා සහතිකපත් ලබාගත්තේය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.