23rd May 2023 15:01:26 පැය
14 වන රණවිරු අනුස්මරණ දිනය හෙවත් විජයග්‍රහණයේ දිනයට සමගාමීව (මැයි මස 19) දින සන්ධ්‍යාවේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් මවුබිම මුදාගැනීම සඳහා දිවිපිදූ වීරෝදාර රණවිරුවන් 28,619 දෙනෙකු වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකිරීමේ උත්සවයක් බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහභාගී වූවේය.
23rd May 2023 14:07:01 පැය
යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් දක්වනු ලබන දායකත්වය යලිත් තහවුරු කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (මැයි මස 23) දින අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දස්කම් දක්වන කොමිෂන් නොලත් නිලධාරියෙකු සහ සිවිල් සේවක මහතෙකුගේ පාසල් සිසු සිසුවියන් දෙදෙනෙකු වෙත ලැප්ටොප් පරිඝණක යන්ත්‍ර පරිත්‍යාග කරනු ලැබීය.
22nd May 2023 21:43:15 පැය
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන නෙළුම් පොකුණ රඟහලේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එල්.එස්. බාලචන්ද්‍ර ආර්එස්පී පසුගිය සඳුදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය. එම අවස්ථාව සඳහා මේජර් ජෙනරල් එල්.එස්. බාලචන්ද්‍ර ආර්එස්පී ගේ පවුලේ සාමාජිකයන් ද සහභාගී වූහ.
22nd May 2023 17:13:15 පැය
අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක නාහිමිපාණන්ගේ රාජ්‍ය ආදාහන පූජෝත්සවය පසුගිය ඉරිදා (21) දින සන්ධ්‍යාවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා භික්ෂූන් වහන්සේලා, සියලුම ආගම් නියෝජනය කරමින් පූජකවරු, රාජ්‍ය තාන්ත්‍රිකයින්, හිටපු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, අමාත්‍යවරුන්, ලේකම්වරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ දායක සභාවේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් රැසක් සහභාගී වූහ.
18th May 2023 18:00:13 පැය
14 වන ජාතික රණවිරු දිනය හෙවත් ‘විජයග්‍රහණයේ දිනය’ට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරින් 402 දෙනෙක් සහ සෙසුනිලයන් 3348 දෙනෙකු වෙත ඔවුන්ගේ මීලඟ නිලයට උසස්වීම් ලබාදෙනු ලැබීය.
18th May 2023 16:39:08 පැය
කුරිරු යුද්ධයේදී මාතෘභූමියේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම උදෙසා යුද්ධ හමුදා සාමාජිකයන් (23,962), නාවික හමුදා සාමාජිකයන් (1160), ගුවන් හමුදා සාමාජිකයන් (443), පොලිස් නිලධාරීන් 2598 ක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 456 දෙනෙක් ඇතුළු 28,619 ක් පමණ දේශප්‍රේමී වීරෝදාර රණවිරුවන් සිය ජීවීත පූජා කරමින් වර්ෂ 2009 ක් වූ මැයි මස 18 දින සන්ධ්‍යාවේ නන්දිකඩාල් කලපුවේදී කුරිරු එල්ටිටිඊ ත්රස්තවාදයට නැවතීමේ තිත තබන්නට සමත්වූහ. වසර 35 කට අධික කාලයක් සමස්ථ ජාතියටම පීඩාවක් වූ කුරිරු ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගෙන 2023 මැයි මස 18 දිනට වසර 14 ක් සපිරේ.
17th May 2023 06:25:13 පැය
643 පාබල බලසේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරිතුමන්ගේ මුලපිරීමකට අනුව මුලතිව් ප්‍රදේශයේ පාසල් තුනක ඉගෙනුම ලබන සිසු සිසුවියන් 603 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 1.2 ක වටිනාකමකින් යුත් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරනු ලැබීය.
17th May 2023 06:17:35 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී පසුගිය සඳුදා (8) දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවති කළමනාකරණ මණ්ඩලයේ සාකච්ඡාවක් පැවැත්විය.
12th May 2023 19:47:09 පැය
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ඒකකය සහ කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානය සමඟින් එක්ව එම මූලස්ථානයේ රාජකාරි කරනු ලබන ගැබිණි කාන්තා සෙබලියන් 72 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්රදානය කිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (08) දින බොරැල්ල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්වීය.
12th May 2023 19:00:30 පැය
වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් සිය පවුලේ සාමාජිකයන් සමඟ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඉකුත් සිකුරාදා (11) දින හමුවිය.