18th May 2023 18:00:13 Hours
14 වන ජාතික රණවිරු දිනය හෙවත් ‘විජයග්‍රහණයේ දිනය’ට සමගාමීව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරින් 402 දෙනෙක් සහ සෙසුනිලයන් 3348 දෙනෙකු වෙත ඔවුන්ගේ මීලඟ නිලයට උසස්වීම් ලබාදෙනු ලැබීය.
ඒ අනුව, 2023 මැයි මස 19 දින සිට බලපැවැත්වෙන පරිදි නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 7 දෙනෙකු මේජර් ජෙනරල් නිලයටත්, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 19 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 29 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 33 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයටත්, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 09 දෙනෙකු තාවකාලික ලුතිතන් කර්නල් නිලයටත්, කපිතන් නිලයේ නිලධාරින් 115 දෙනෙකු මේජර් නිලයටත්, කපිතන් නිලයේ (උපකරණ පාලක) නිලධාරින් 03 දෙනෙකු මේජර් (උපකරණ පාලක) නිලයටත්, ලුතිතන් නිලයේ නිලධාරින් 97 දෙනෙකු කපිතන් නිලයටත්, දෙවන ලුතිතන් නිලයේ නිලධාරින් 90 දෙනෙකු ලුතිතන් නිලයටත් වශයෙන් උසස්වීම් ලබාදී ඇත.
එමෙන්ම, බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 129 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 332 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 442 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 585 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 1028 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 832 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් වශයෙන් සෙසුනිලයන් වෙත උසස්වීම් ලබාදෙනු ලැබීය.