12th May 2023 19:47:09 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ඒකකය සහ කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානය සමඟින් එක්ව එම මූලස්ථානයේ රාජකාරි කරනු ලබන ගැබිණි කාන්තා සෙබලියන් 72 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (08) දින බොරැල්ල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්වීය.
එම ඇසුරුම්වල ළදරු උපකරණ, සබන්, පවුඩර්, ළදරු මෙට්ට, කොට්ට, විෂබීජ නාශක ද්‍රව්‍ය, ළමා ඇදුම්, කිරි බෝතල් ආදි රුපියල් 11,500.00 ක පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් විය. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ගේ උපදෙස් මත සිදුකරනු ලැබූ මෙම වැඩසටහන සඳහා ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් සහ යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහභාගී විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපතිතුමන්ගේ සහ එම බලකායේ සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර, එහිදී එතුමිය යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය. මෙම සුබසාධන වැඩසටහන මගින් කාන්තා සෙබලියන් 72 දෙනෙකු වෙත ප්‍රතිලාභ හිමි විය.
ජානකී ලියනගේ මහත්මිය, කාන්තා බලකා සේවා වනිතා ඒකකයෙහි හි අධීක්‍ෂණය යටතේ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද ‘Olive’ රූපලාවන්‍යාගාරය ද විවෘත කරන ලදී.
යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.කේ.ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් ජානකී ලියනගේ මහත්මිය වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, අනතුරුව එතුමිය අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.