22nd May 2023 17:13:15 Hours
අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක නාහිමිපාණන්ගේ රාජ්‍ය ආදාහන පූජෝත්සවය පසුගිය ඉරිදා (21) දින සන්ධ්‍යාවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා භික්‍ෂූන් වහන්සේලා, සියලුම ආගම් නියෝජනය කරමින් පූජකවරු, රාජ්‍ය තාන්ත්‍රිකයින්, හිටපු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, අමාත්‍යවරුන්, ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ දායක සභාවේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් රැසක් සහභාගී වූහ.
මෙම අවමංගල උත්සව අවස්ථාවේදී, ගරු අග්‍රාමාත්‍යතුමන් සිය අවමංගල්‍ය කතාව සිදුකිරීමට ප්‍රථම වයඹ පළාත් ආණ්ඩුකාරතුමන් විසින් අතිගරු ජනාධිපතිතුමන් නිකුත් කළ ශෝක පණිවිඩය අවමංගල සභාව හමුවේ ඉදිරිපත් කරන ලදී. අනතුරුව, මෙම ශෝකාකූල අවස්ථාව සඳහා වැඩමවා වදාළ නිකායන් තුනෙහිම ස්වාමීන් වහන්සේලා විසින් අනුශාසනාවන් සිදුකරමින් අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක නාහිමිපාණන්ගේ ගුණානුස්මරණය කරනු ලැබූහ.
මෙම අවස්ථාවේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ උත්සව අවස්ථාවට සපැමිණි අයවලුන් සමඟින් අදහස් හුවමාරුවක ද නිරත වූවේය. මෙම අවමංගල උත්සවයේදී, අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක නාහිමිපාණන් වෙනුවෙන් හමුදා උත්තමාචාර වෙඩිමුර පිරිනමනු ලැබීය.