17th May 2023 06:25:13 Hours
643 පාබල බලසේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරිතුමන්ගේ මුලපිරීමකට අනුව මුලතිව් ප්‍රදේශයේ පාසල් තුනක ඉගෙනුම ලබන සිසු සිසුවියන් 603 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 1.2 ක වටිනාකමකින් යුත් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරනු ලැබීය.
643 පාබල බලසේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව මහරගම ‘ලක්දන’ පසුපෙළ මාධ්‍ය ජාලයේ තිළිණි අතුකෝරල මහත්මිය සහ ඇගේ දෙස් විදෙස් සබඳතා මඟින් දැක්වූ අනුග්‍රාහකත්වය මත මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
මෙම පරිත්‍යාග වැඩසටහනේ සංවිධාන කටයුතු 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 643 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.ඩී. වික්‍රමනායක ඩබ්ලිව්වී ආර්එස්පී සහ 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එච්.එච්.එම්.ටී.ජේ.බී. හේරත් විසින් සිදුකරනු ලැබූහ.
මුතියන්කඩ්ඩුකුලම් වම් ඉවුර රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේ පැවති මෙම පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහභාගී විය.
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පරිත්‍යාග වැඩසටහන යටතේ මුතියන්කඩ්ඩුකුලම් වම් ඉවුර රජයේ දමිළ මිශ්‍ර පාසල, මුත්තු විනායගපුරම් ප්‍රාථමික විද්‍යාලය සහ මුතියන්කඩ්ඩුකුලම් දකුණු ඉවුර රජයේ දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල සිසු සිසුවියන් 603 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන පරිත්‍යාගශීලි තිළිණි අතුකෝරල මහත්මිය, තුනුක්කායි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ ප්‍රදීප් ආනන්දන් මහතා, එම පාසල්වල විදුහල්පතිවරුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ද සහභාගි වූහ.