Header

Sri Lanka Army

Defender of the Nation

17th May 2023 06:17:35 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කළමනාකරණ මණ්ඩලයේ රැස්වීම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී පසුගිය සඳුදා (8) දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවති කළමනාකරණ මණ්ඩලයේ සාකච්ඡාවක් පැවැත්විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ආරම්භක දේශණය පැවැත්වූ අතර, අධ්‍යක්‍ෂ මණ්ඩල විධිවිධානයන්ට අනුව කළමනාකරණ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එතුමන් පත්කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා සහ සියලුම සාමාජිකයින් උණුසුම් අයුරින් පිළිගත්හ. අනතුරුව, පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී විසින් යුද්ධ හමුදාවේ පුහුණු යාන්ත්‍රණය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී.

අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් මෙම රැස්වීමේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුවීම් කටයුතු වැඩිදියුණු කිරීම් සඳහා වූ පාලන සහ සැපයුම් කටයුතු පිළිබඳවද සාකච්ඡා කල අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දැනට පවතින ගැටළු සහ ඒවාට දිගු කාලීන හා කෙටි කාලීන විසඳුම් සෙවීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡාවට බදුන් විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානු කූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූ අතර, අනතුරුව එතුමන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

කළමනාකරණ මණ්ඩල රැස්වීමෙන් පසුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් පුහුණු වීම් කටයුතු වල ප්‍රගතිය සොයා බැලීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ස්ථාපිත මොඩියුල (සිමියුලේටර්) සංකීර්ණය වෙත ද සංචාරයේ නිරත විය.

කළමනාකරණ මණ්ඩල රැස්වීම සඳහා අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, පර්යේෂණ සංකල්පය හා මූලධර්ම අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී, කර්නල් අයවැය සහ මුදල් පරිපාලන (කාර්යයේ නියුතු) ලුතිනන් කර්නල් එස්.එම්. මුණසිංහ යූඑස්පී සහ එම විද්‍යාපීඨයේ පුහුණු අංශයේ අණදෙන නිලධාරී කර්නල් ඊ.ඩබ්ලිව්.ආර්.එස්.බී. ඇහැලේපොළ යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී සහභාගී වූහ.

කඳවුරු පරිශ්‍රයෙන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි පිටත්ව යාමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය.