2020-09-10 07:50:22
ජර්මනියේ ඩෙස්සාවූහිදී ඉකුත් අඟහරුවාදා (08) දින පැවති ජාත්‍යාන්තර මළල ක්‍රීඩා තරඟාවලියේ දී මීටර් 100 ධාවන ඉසව්වේ තත්පර 10.16 ක කාළයක් වාර්ථා කරමින් නව දකුණු ආසියානු වාර්ථාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් වයි. ප්‍රියදර්ශන අබේකෝන් සමත්විය.
2020-09-10 05:10:22
අද (10) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් හත් දෙනෙකු (07) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් හත් දෙනා (07) විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඔවන්...
2020-09-09 10:45:24
යුද්ධ හමුදා මූලස්ථානයේ 21 වන යුධෝපකරණ මාස්ටර් ජෙනරල් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකායේ මේජර් ජෙනරල් චන්දන මාරසිංහ අද (09) දින උදෑසන පැවති චාම් උත්සවයක දී රාජකාරි භාරගනු ලැබිණි.
2020-09-09 10:30:24
යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි විදේශ මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ 04 වන අධ්යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ලසන්ත රොද්‍රිගෝ ඉකුත් බදාදා (09) පැවති චාම් උත්සවයක දී සිය ධුරයේ රාජකාරි අරඹනු ලැබිණි.
2020-09-09 10:10:24
යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සුභසාධන අධ්යක්ෂ මණ්ඩලයේ 33 වන අධ්යක්ෂවරයා ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සනත් අළුවිහාරේ ඉකුත් බදාදා (09) දින පැවති චාම් උත්සවයක දී සිය ධූරයේ රාජකාරි අරඹනු ලැබිණි.
2020-09-09 10:10:24
යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුධෝපකරණ සේවා අධ්යක්ෂ මණ්ඩලයේ 16 වන අධ්‍යක්ෂකවරයා ලෙස ශ්‍රී ලංකා යුධෝපකරණ බළකායේ බ්‍රිගේඩියර් ප්‍රියන්ත වීරසිංහ ඉකුත් සඳුදා (07) දින පැවති චාම් උත්සවයක දී සිය ධූරයේ රාජකාරි අරඹනු ලැබිණි.
2020-09-09 08:00:24
විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සංඥා බළකායේ මේජර් ජෙනරල් පූරක සෙනෙවිරත්න වෙත ඉකුත් සෙනසුරාදා (05) දින පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බළකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී සමුගැනීමේ උත්සවයක් පවත්වනු ලැබිණි.
2020-09-08 16:06:37
මුලතිව් සහ යාපනය රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අනුයුක්තව සේවයේ නියුතු භටපිරිස් ඉකුත් ඉරිදා (6) දින මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කයන්හී රෝහල්වල හිඟවෙමින් පවතින රුධිර සංචිත හිඟය මැඩපැවැත්වීමට අරමුණින් ලේ දන්දීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් 64 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී සංවිධානය කරනු ලැබිණි.
2020-09-08 13:18:06
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 14 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ඉකුත් ඉරිදා (06) දින අඹේපුස්ස පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ රාජකාරි භාරගනු ලැබිණි.
2020-09-08 12:45:06
කල්මුනේ ප්‍රදේශය ආශ්රිත මුහුදේ යාත්‍රා කරමින් තිබූ බොරතෙල් ප්‍රවාහන නෞකාවක් තුළ ගින්නක් හටගැනීමෙන් එම නැව ආපදාවට ලක් වූ අතර, එම ආපදා අවස්ථාව පාදක කරගනිමින්, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ ආරාධනාවකට අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂඥයින් කිහිපදෙනෙකු විශේෂ දැනුවත් කිරීමක් සඳහා 62 වන සේනාංකය වෙත පැමිණෙන ලදී. එසේ පැමිණි කණ්ඩායම විසින් තෙල් කාන්දු වීම, එහි පාරිසරික බලපෑම, නීතිමය වාතාවරණය, ජාතික උපාය මාර්ගයන් ඇතුළු එම විෂයානුබද්ධ වෙනත් කරුණු පිළිබඳ 62 වන සේනාංකයේ නිලධාරීන් දැනුවත් කළේය.