Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2020 07:50:22 Hours

ජර්මනියේ පැවති ජාත්‍යන්තර මළල ක්‍රිඩා තරඟාවලියේදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් අබේකෝන් වාර්ථාවක් පිහිටුවයිි

ජර්මනියේ ඩෙස්සාවූහිදී ඉකුත් අඟහරුවාදා (08) දින පැවති ජාත්‍යාන්තර මළල ක්‍රීඩා තරඟාවලියේ දී මීටර් 100 ධාවන ඉසව්වේ තත්පර 10.16 ක කාළයක් වාර්ථා කරමින් නව දකුණු ආසියානු වාර්ථාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් වයි. ප්‍රියදර්ශන අබේකෝන් සමත්විය.

යුද්ධ හමුදා මළල ක්‍රීඩා සංචිතය සහ ජාතික මළල ක්‍රීඩා සංචිතය නියෝජනය කරනු ලබන මෙම ක්‍රීඩකයා 2015 වර්ෂයේදී කොරියාවේ දී පැවති 07 වන ලෝක ආරක්‍ෂක සේවා තරඟාවලියේ දී මීටර් 4 x 400 ඉසවවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනාගත් එකම ලෝකඩ පදක්කම හිමිකරදුන් සහය දිවීමේ කණ්ඩායම ද නියෝජනය කරන ලදී. Buy Kicks | jordan Release Dates