Header

Sri Lanka Army

Defender of the Nation

09th September 2020 10:10:24 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂතුමන් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 33 වන අධ්‍යක්‍ෂවරයා ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සනත් අළුවිහාරේ ඉකුත් බදාදා (09) දින පැවති චාම් උත්සවයක දී සිය ධූරයේ රාජකාරි අරඹනු ලැබිණි.

ආගමික වතාවත් වලින් අනතුරුව, නව අධ්‍යක්‍ෂතුමන් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබිණි. මෙම සමාරම්භක අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.

මීට ප්‍රථම බ්‍රිගේඩියර් ටිකිරි දිසානායක මෙම ධුරයේ රාජකාරි ඉටුකළ අතර එතුමන් මේ වනවිට 65 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි ආරම්භ කර ඇත. Sports Shoes | Nike Shoes, Sneakers & Accessories