Header

Sri Lanka Army

Defender of the Nation

09th September 2020 08:00:24 Hours

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සංඥා බළකායේ මේජර් ජෙනරල් පූරක සෙනෙවිරත්න වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාර

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සංඥා බළකායේ මේජර් ජෙනරල් පූරක සෙනෙවිරත්න වෙත ඉකුත් සෙනසුරාදා (05) දින පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බළකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී සමුගැනීමේ උත්සවයක් පවත්වනු ලැබිණි.

විශ්‍රාම යන ජ්‍යේෂ්ඨ නිලධාරිතුමන් වෙත කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමත් සමඟින් උත්සවයේ ආරම්භය සනිටුහන් වූ අතර, පසුව මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා සංඥා බළකායේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුදකරනු ලැබීය. ඉන් අනතරුව, එම බළකායේ භටපිරිස් විසින් විශ්‍රාම යන ජ්‍යේෂ්ඨ නිලධාරිතුමන් වෙත සම්මාන මුරයේ ගෞරවාචාරය ද පිරිනමනු ලැබිණි.

ඉන් අනතුරුව, එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි සෙසු නිල භෝජනාගාරයේ දී පැවති සියළු නිල තේ පැන් සංග්‍රහය සඳහා ද එතුමන් සහභාගී විය. එසේම, විශ්‍රාම යන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න වෙත ගෞරවාචාර පුදකරමින් එදින රාත්‍රී පැවැත්වූ භෝජන සංග්‍රහයත් සමඟින් උත්සවයේ අවසානය සනිටුහන් විය. Sport media | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ