Header

Sri Lanka Army

Defender of the Nation

08th September 2020 16:06:37 Hours

මුලතිව් හා යාපනය රෝගීන්ගේ යහපත පිණිස හමුදා භටපිරිස් තම රුධිරය දන්දෙති

මුලතිව් සහ යාපනය රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අනුයුක්තව සේවයේ නියුතු භටපිරිස් ඉකුත් ඉරිදා (6) දින මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කයන්හී රෝහල්වල හිඟවෙමින් පවතින රුධිර සංචිත හිඟය මැඩපැවැත්වීමට අරමුණින් ලේ දන්දීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් 64 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී සංවිධානය කරනු ලැබිණි.

මුලතිව් ආරක්‍ෂ සේනා අඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක ගේ මාර්ගෝපදේශයන්ට අනුව 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රන්දුල හත්නාගොඩ ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන දියත් කරනු ලැබිණි.

යාපනයේ සහ මුලතිව් ප්‍රදේශයන්හී වෙසෙන ජනතාවගේ වටිනා ජීවිතයන් සඳහා රෝගී අවස්ථාවන්හීදි සහයක් වශයෙන් මුලතිව් මහ රෝහලේ සහ යාපනය ශික්‍ෂණ රෝහලේ ඒකාබද්ධ වෛද්‍ය කණ්ඩායමක් සහ රුධිර පාරවිලයන බැංකුවේ කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබිණි. මේ වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් 206 දෙනෙකු සිය රුධිරය පරිත්‍යාග කළහ. affiliate link trace | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092