Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2020 05:10:22 Hours

තවත් පුද්ගලයින් 6,126 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 57 ක් තුළ නිරෝධායන කටයුතු වල නිරතව සිටින බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි

අද (10) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් හත් දෙනෙකු (07) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් හත් දෙනා (07) විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන් අතරන්, සී ෂයින් බීච් හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වූ ඉන්දියාවේ සිට පැමිණි එක් පුද්ගලයෙකු (01), ඉකෝ සර්ෆ් නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වූ එක්සත් රාජධානියේ සිට පැමිණි එක් පුද්ගලයෙකු (01), විදුර සාම්පූර්, දියතලාව යුද්ධ හමුදා රෝහල් සහ ආයුර්වේද රාජගිරිය යන නිරෝධායන මධ්‍ය‍ස්ථානයන්ගෙන් හමු වූ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු ලෙස වාර්ථා වන බව කොවිඩි-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (10) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට අදාළ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 649 දෙනෙකු වන අතර, ඔවුන්ගෙන් 528 දෙනෙකු පුනරුත්ථාපනය වන රැඳවියන් වන අතර, කාර්ය මණ්ඩල සාමාජිකයින් 67 ක්, ආගන්තුක කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 ක්, පවුලේ සාමාජිකයන් සහ සමීප මිතුරන් 48 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ දී ආසාදිත තැනැත්තා සමඟ සම්බන්ධතා පැවැත්වූ එක් පුද්ගලයෙකු වශයෙන් වාර්ථා වී ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

අද (10) දින උදෑසන UL 2226 දරණ මගී ගුවන් යානය මගින් සෞදි අරාබි, රියාද් සිට පුද්ගලයින් දෙසිය හැත්තෑ හතර දෙනෙකු (274), QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් අසූ එක් දෙනෙකු (81), UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් දෙසිය අනූ දෙදෙනෙකු (292) මෙරටට පැමිණ ඇති අතර අද (10) දින මධ්‍යහනේ EY 264 දරණ මගී ගුවන් යානය මගින් අබුඩාබි සිට පුද්ගලයින් නව දෙනෙකු (09) මෙරටට පැමිණීමට නියමිතව ඇත. එසේ පැමි‍ණෙන පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (10) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 585 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 20 දෙනෙකු, සීගිරි විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 87 දෙනෙකු, ෆ්‍රෙස්කෝ වෝටර් විලා නිරෝධායන මධ්‍යස්ථානය තුලින් තුලින් පුද්ගලයින් 92 දෙදෙනෙකු, කායා බීච් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 21 දෙනෙකු, ඊඩ්න් ගාඩ්න් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 154 දෙනෙකු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා නිරෝධායන මධ්‍යස්ථානය තුලින් එක් පුද්ගලයෙකු (01), ආයුර්වේද රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 40 දෙනෙකු, දියගම ක්‍රීඩා සංකීර්ණ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 51 දෙනෙකු සහ ධම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 119 දෙනෙකු වශයෙන් නිරෝධායනය අවසන් කර ඇත.

අද (10) දිනය වනවිට පුද්ගලයින් 39,230 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (10) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 57 ක් තුළ පුද්ගලයින් 6,126 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (09) දිනය තුලදී PCR පරික්‍ෂණ 1600 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 245,112 ප්‍රමාණයක් සිදුකර ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

අද (10) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයින් 11 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ලෙස වාර්ථා වේ. එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 634 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 15 දෙනෙකු වේ. (නිමාව) Adidas shoes | Nike Air Max