Header

Sri Lanka Army

Defender of the Nation

09th September 2020 10:10:24 Hours

නව යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 16 වන අධ්‍යක්‍ෂකවරයා ලෙස ශ්‍රී ලංකා යුධෝපකරණ බළකායේ බ්‍රිගේඩියර් ප්‍රියන්ත වීරසිංහ ඉකුත් සඳුදා (07) දින පැවති චාම් උත්සවයක දී සිය ධූරයේ රාජකාරි අරඹනු ලැබිණි.

ආගමික වතාවත් වලින් අනතුරුව, නව යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂකතුමන් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළ අතර, මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.

මෙම තනතුර මීට ප්‍රථමයෙන් මේජර් ජෙනරල් චන්දන මාරසිංහ හෙබවූ අතර ඔහු යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ ජෙනරල් ලෙස පත්වීම් ලැබීය. latest Running Sneakers | youth nike kd low tops orange , Nike Air Max , Iicf