Header

Sri Lanka Army

Defender of the Nation

08th September 2020 13:18:06 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු නව රෙජිමේන්තු අධිපතිතුමන් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 14 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ඉකුත් ඉරිදා (06) දින අඹේපුස්ස පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික වතාවත් හා හමුදා සම්‍ප්‍රදායන් මධ්‍යයේ රාජකාරි භාරගනු ලැබිණි.

රෙජිමේන්තු පරිශ්‍රය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් එම රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු මුරයේ ගෞරවාචාරය පිළිගැනීමට නව රෙජිමේන්තු අධිපතිතුමන්ට ඇරයුම් කෙරිණි.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ධම්මික දිසානායක විසින් මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා සරඹ භූමිය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ භටපිරිස්හී ආචාරය පිළිගැනීම වෙනුවෙන් ආරාධනා කරනු ලැබිණි.

පසුව, මෙම රාජකාරි ඇරඹුම සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ රෙජිමේන්තු අධිපතිතුමන් බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ පැවති සියළු නිල තේ පැන් සංහ්‍රහයක් සඳහා සහභාගී වූ අතර එහිදී, භටපිරිස් සමග අදහස් හුවමාරු කරගනු ලැබිණි.

අනතුරුව, නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබනු ලැබූ අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමෙන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ.

පසුව, රාජකාරි ආරම්භ කළ රෙජිමේන්තු අධිපතිතුමන් මව්බීමේ ඒකීයභාවය වෙනුවෙන් තම දිවි පිදූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් රෙජිමේන්තු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරනු ලැබිණි.

සිය දැක්ම හා ඉදිරි සැලසුම් ඉදිරිපත් කරමින් මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර එම රෙජිමේන්තුවේ නිලධාරීන් ආමන්ත්‍රණය කරමින් රෙජිමේන්තුවේ ප්‍රගතිය වෙනුවෙන් කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ වැදගත්කම, ක්‍රීඩාවන්, මනා පුහුණුව සහ මාණ්ඩලික රාජකාරිි ප්‍රවර්ධනය කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කරනු ලැබීය.

අනතුරුව රෙජිමේන්තු නිලධාරින් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටිමෙන් අනතුරුව ජ්‍යේෂ්ඨ නිලධාරිතුමන් දිවා භෝජන සංග්‍රහයක් සඳහා එක්විය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන්, එම රෙජිමේන්තුවේ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන්, සියළු මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. buy shoes | NIKE