2018-08-13 13:45:27
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී බදාදා (08) දින සාර්ථකව පැවැත්විණි.
2018-08-13 13:44:27
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් තවත් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස කිලිනොච්චි, ස්කදන්පුරම් ප්‍රදේශයේ තෝරාගත් අඩුආදායම්ලාභි පවුල් සඳහා ආර්ථික වටිනාකමින් යුත් පොල් පැළ සහ තවත් පැළ තොගයක් සිකුරාදා (03) දින බෙදාදෙන ලදි.
2018-08-13 13:43:27
නුඳුරේදී පැවැත්වීමට නියමිත මහනුවර ඇසළ උත්සවය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ දියකපනතොට විහාරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ගැටඹේ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ භට පිරිස් විසින් දියත් කරනු ලැබීය.
2018-08-13 11:25:07
මඩකලපුව දිස්ත්‍රික්කයේ ඵෛතිහාසික මාමන්ගම් පිල්ලෛයාර් කෝවිලේ වාර්ෂික මහෝත්සවයේ එක් අධියරක් ලෙස තේරු පෙරහැර උත්සවය සිකුරාදා (10) දින පැවැති අතර එම උත්සවයේ සම්භාවනීය අමුත්තෙක් ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහභාගි විය.
2018-08-13 11:07:27
ඉහතදී මොණරාගල දිස්ත්‍රික්කයේ අනපල්ලම,සපුගොඩ කන්ද ප්‍රදේශයේ දින කිහිපයකට ඉහතදී ඇතිවු හදිස්සි ලැව් ගින්න පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය
2018-08-13 10:59:16
ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLADA) සමඟ එක්ව ‘ගජබා සුපර් ක්‍රොස් - 2018 අගෝස්තු මස 19 වන දින අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථාන ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.
2018-08-13 10:46:53
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්රි ය ගේ උපදෙස් මත එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා ‘ගිණුම් තැබීම හා පොත්පත් නඩත්තු කිරීම’ පිළිබඳ පුහුණු වැඩමුළුවක් අගෝස්තු මස 7 සහ 8 දිනයන් හිදී 57 වන සේනාංක බහුකාර්ය ගොඩනැගිල්ලේ දී පවත්වනු ලැබීය.
2018-08-09 06:10:54
දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ අනෙකුත් රණවිරුවන්ගේ 26 වන ගුණානුස්මරණ උත්සවය අගෝස්තු මස 8 දින උදෑසන අනුරාධපුර නගරයේ දී පවත්වනු ලැබු අතර ඒ සඳහා දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ ප්‍රිය බිරිඳ ලලී කොබ්බෑකඩුව මහත්මිය ඇතුළු එම පවුලේ සාමාජිකයින් සහ යුද්ධ හමුදා නිලධාරීන්ගේ රැසක් සහභාගිවිය.
2018-08-09 06:09:54
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් 58 දෙනෙකු සිය උපදේශකයින් සමඟින් බදාදා (08) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු නියෝජනය කරමින් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ඩබ්ලිව්.ඩි.සී.කේ. කොස්තා විසින් ......
2018-08-09 06:07:54
ආරක්ෂක හමුදාවන් සහ සිවිල් වැසියන් අතර සංහිඳියාව හා සුහදත්වය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් අනුස්මරණ පාපන්දු තරඟාවලියක් අගෝස්තු මස 3 සිට 6 දක්වා කිලිනොච්චි කනගපුරම් ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබීය. කිලිනොච්චි ප්‍රදේශයේ සුප්‍රසිද්ධ පුද්ගලයකු වන හිටපු ප්‍රාදේශීය ලේකම් මෙන්ම ජයන්තිනගර් මහදේව ආශ්‍රමයෙහි අධ්යක්ෂ නැසීගිය ටී. රාසනායගම් මහතා ගේ ගුණානුස්මරණය වෙනුවෙන් සංවිධානය කරනු ලැබු මෙම පාපන්දු තරඟාවලිය සඳහා කණ්ඩායම් 19 ක් තරඟ වැදුණි.