Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2018 06:07:54 Hours

කිලිනොච්චි සුහද පාපන්දු තරඟාවලියේ ජයග්‍රහණය ‘ඉලංතේරියල්’ පාපන්දු කණ්ඩායමට

ආරක්‍ෂක හමුදාවන් සහ සිවිල් වැසියන් අතර සංහිඳියාව හා සුහදත්වය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් අනුස්මරණ පාපන්දු තරඟාවලියක් අගෝස්තු මස 3 සිට 6 දක්වා කිලිනොච්චි කනගපුරම් ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබීය.

කිලිනොච්චි ප්‍රදේශයේ සුප්‍රසිද්ධ පුද්ගලයකු වන හිටපු ප්‍රාදේශීය ලේකම් මෙන්ම ජයන්තිනගර් මහදේව ආශ්‍රමයෙහි අධ්‍යක්‍ෂ නැසීගිය ටී. රාසනායගම් මහතා ගේ ගුණානුස්මරණය වෙනුවෙන් සංවිධානය කරනු ලැබු මෙම පාපන්දු තරඟාවලිය සඳහා කණ්ඩායම් 19 ක් තරඟ වැදුණි.

7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරඟාවලියේ අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි අතිරේක ප්‍රාදේශිය ලේකම් එස්. සත්‍යසීලන් මහතා සහභාගි වූ අතර මෙම අවස්ථාව සඳහා 571 සහ 572 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් ද එක්ව සිටියහ.

අවසන් තරඟයේ දී ‘උදයාතරේයි’ පාපන්දු කණ්ඩායම පරාජයට පත් කරමින් වඩ්ඩකච්චි ‘ඉලංතේරියල්’ කණ්ඩායම ශුරතාවය හිමිකරගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ජංගම දුරකථන ජාලයේ අනුග්‍රාහකත්වය ඇතිව ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුලු අනෙකුත් ආරාධිතයින් විසින් සිදු කෙරිණි.

තවද, මෙම තරඟාවලිය 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 571 වන බලසේනාවේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලදි. Sports News | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys