Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2018 13:44:27 Hours

සිවිල් වැසියන් වෙත නොමිලේ පොල් පැළ බෙදාදීමේ තවත් වැඩසටහනක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් තවත් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස කිලිනොච්චි, ස්කදන්පුරම් ප්‍රදේශයේ තෝරාගත් අඩුආදායම්ලාභි පවුල් සඳහා ආර්ථික වටිනාකමින් යුත් පොල් පැළ සහ තවත් පැළ තොගයක් සිකුරාදා (03) දින බෙදාදෙන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා පිරිස් ගේ මඟපෙන්වීම යටතේ ස්කන්දපුරම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්ද සහභාගි වූහ.

තවද මෙම පාසලේ අඩුආදායම්ලාභි පවුල්වල සිසුන් 50 කට වැඩි පිරිසක් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පාසල් උපකරණ සහ පොත්පත් ද ලබාදෙන ලදි.

652 වන බලසේනාව යටතේ ස්ථාපිත 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ මුලිකත්වයගෙන මෙම උත්සවයේ කටයුතු සංවිධානය කරනු ලැබීය. latest Running Sneakers | Nike for Men